මහනුවර දැරියෝ කතා කරති…

චන්දිමාල් ගමගේ
චන්දිමාල් ගමගේ

මහනුවර මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි 16 හා 17 වයස දැරියෝ තමන්ට සිදුවූ ව්‍යසනය හෙළි කරමින් සිටිති. මේ කාලකණ්ණි විනාශය කළ චන්දිමාල් ගමගේ නැමැත්තා මේ වනවිට සිටින්නේ පොලිස් අත්අංගුවේය. ඔහුගේ ව්‍යාපාරික මිතුරාවන නිමල් පීරිස් අපේක්ෂිත ඇප මත එලියේ සිටින්නේය. ඔහු ලබන 9 දා අධිකරණයට භාරවීමට නියමිතය.

මේ දැරියන් පොලිසියට ලබාදුන් කටඋත්තර පමණක් අප ඔබගේ දැනගැනීම පිණිස ඒ අයුරින්ම දක්වා සිටිමු.

“මාසයකට විතර උඩදී අපේ ඇකඩමි එකේ ඉගෙන ගනිමින් හිටපු මටත් මගේ මිතුරියකටත් තදබල අසනීප තත්ත්වයක් ඇති වුණා. අපේ නේවාසිකාගාරයේ පාලිකාව අපිට කිව්වා චන්දිමාල් සර් එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න කියලා. අපි ගියේ සර්ගේ කාර් එකේ. මුලින්ම සර් අපෙන් ඇහුවා ඔයාලා බොන්න කැමැති මොනවද කියලා. අපි මොනවත් කිව්වේ නෑ. ඒත් සර් අපිට ෆේස්ට්‍රි වගයකුයි කිරි තේයි අරන් දුන්නා.

ඊට පස්සේ ඩිස්පැන්සරියකට එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. අන්තිමට සර් අපිව මහනුවර නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙද සලකට එක්කගෙන ගියා. ඔයාලා අඳින්න කැමැති මොනවද කියා සර් අපෙන් ඇහුවා. එහෙම කියලා සර් අප එක්කගෙන ගියේ කාන්තා යට ඇඳුම් තියෙන තැනට. අඩුම ගානේ මේවා වත් ගන්න කියලා සර් අපිට කිව්වා. ඊට පස්සේ සර් අපිට යට ඇඳුම් කීපයක් බලෙන්ම වගේ අරන් දුන්නා. ඒත් එක්කම සර් මගේ මිතුරියගේ කරට අත දැම්මා.”

දිනය පසුගිය ජුලි 31 වැනිදා. එදා රෑ නවය දහය වෙනකොට අපේ මිතුරියන් අතරින් ගොඩක් අයට හොඳටම නින්ද ගියා. ඒත් අපි කීප දෙනෙක් පාඩම් කරමින් හිටියේ. රෑ දහයට විතර තමයි අපිට මිදුල පැත්තෙන් කටහඩවල් ඇහෙන්න පටන් ගත්තේ ඒ නිසා අපි හොරෙන් ජනෙල්වලින් බැලුවා. එතකොට තමයි අපි දැක්කේ චන්දිමාල් සර් එක්ක අපි දන්න මහනුවර අංකල් කෙනෙකුත් තවත් කීප දෙනෙකුත් එක්ක අපේ නේවාසිකාගාරයේ මිදුලේ තිබෙන බෙන්ච් එකක අරක්කු බෝතල් තියාගෙන බොනවා . එතකොට රෑ දොළහට දොළහහමාරට විතර ඇති. එත් එක්කම අපි ජනේලය ළඟ තියෙන ලයිට් කීපයක් දැම්මා.

අපේ ගණිතය උගන්වන මැඩම් සර්ලාට මොනවද අරගෙන අපේ ජනෙල් ළඟින් යනකොට එයා අපව දැක්කා. ආ ළමයි තාම නිදි නැද්ද කියලා මැඩම් අපෙන් ඇහුවා. අපි නෑ කිව්වා. ඒත් එක්කම අපි හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි අපි අපේ යාළුවෝ ඔක්කොටම ඇහැරවලා ගත්තේ.”

අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා. මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා.

අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා. ඊට පස්සේ අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් චන්දිමාල් සර් සහ එයාත් එක්ක හිටපු අය මිදුලේ හිටපු බෙන්ච් එකේ ඉන්නවා අපි දැක්කේ නෑ.”

සිසුවියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කියන්නේ දරුවන් ලිංගික අතවරයට ලක්ව ඇති බව අනාවරණය වී ඇති බවයි.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති තොරතුරු අනුව චන්දිමාල් ගමගේ පසුගිය පොසොන් දිනයේ සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙන්නේ සොකරි නාට්‍ය පෙන්වන්නට යන මුවාවෙනි. එදින එම ලැගුම් හලේදී සිසුවිය සිප වැළද ගෙන ඇයට   ලිංගික හිංසනයක් සිදු කොට තිබෙන බව සිසුවියගේ ප්‍රකාශයකින් අණාවරණය වී ඇත. එමෙන්ම චන්දිමාල් ගමගේ නමැත්තාගේ ව්‍යාපාරික මිතුරා වුණු නිමල් පීරිස් පොසොන් දිනයේ තවත් සිසුවියක් වෙනත් ලැගුම්හලකට ගෙන ගොස් ඇත. එම සිසුවිය සිප වැළඳගෙන නින්දා සහගත ලිංගික හිංසනයන් කර තිබෙන බවට කරුණු වාර්තා වී තිබේ.

ෙමේ සියලුම ලැගුම්හල් මහනුවර පොලීසියේ පොලිස් කණ්ඩායම් සමග ගොස් සිසුවියන් විසින් හඳුනා ගෙන තිබේ. තවත් දවසක නිමල් පීරිස්ගේ  තමන්ගේ ටෙලිෆික්ස් ආයතනයට    සිසුවියන් දෙදෙනකු ගෙන ඇත. එම කාර්යාලයේ නිදන ඇදක් සහිත කාමරයක් ඔහු විසින් සකස් කොට ඇත. එහි ගෙන ගොස් මේ දැරියන් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර තිබේ.   එම් ස්ථානත් සිසුවියන් විසින් පොලීසිය සමග ගොස් හඳුනා ගෙන ඇත.

තත්වය මේ තරම් නින්දිතය. මේ කාලකණ්ණින්ට සිදුවන දේ මුලු රටම බලාගෙන ඉන්නේය. ලබන 9 වන දා නිමල් පීරිස් ට අධිකරණය ලබාදෙන දඩුවම කුමක්දැයි රටම බලාගෙන ඉන්නේය. පොලිස්පති පූජිත් ජයසුන්දර සහිත ඔහුගේ පොලිසියත් මේ යහපාලන ආණ්ඩුවේ සැබෑ හැසිරීමත් පිලිබද මේ රටේ මිනිස්සුන්ට නිවැරදි තක්සේරුවක් ගැනීමට ඉදිරියේදී අවස්ථාව එළඹෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.