මහා ජාතික ව්‍යසනයක් අත ලග… බුද්ධි තොරතුරු අනතුරු හඟවයි…

hangයුද අධිකරණයෙන්  වසර 4 ක සේවා ජ්‍යෙෂ්ඨතාවය පහත හෙළීමකට ලක් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ගේ නිර්දේශ ප්‍රකාරව එම දඬුවම ඉවත් කර ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් කේ.සී. වෙලගෙදර නැමැත්තා  සුදු වෑන් සිද්ධියකට අදාල ප්‍රධාන ඇසින් දුටු සාක්ෂිකරුවා ලෙස පෙනී සිටිමින් රැකවරණය පතන්නේ නාවික හමුදාවේ මෙතෙක් සිදුවූ විශාලතම කොල්ලකෑමක චූදිතයා වීම වලක්වා ගැනීමට යම් පාර්ශවයක් සමග ඇති කරගත් එකඟතාවයක් මත බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා මෙම තීන්දුව ගන්නේ වෙලගෙදර විසින් සිදුකළ මිනිස් ජාවාරම මෙහෙයවීම, අයථා විදිහට උපයාගත් මුදලින් අත්කරගත් නිවාස හා වාහන සහිත අතාර්කික වත්කම, ස්වකීය බිරිඳ හා දරුවන් පිට රට යවා වෙනත් පුද්ගලයෙකුගේ බිරිඳක් හා ජීවත්වෙමින් ගර්හාවට ලක්වීම, මිනිස් ජාවාරම සම්බන්ධව පරීක්ෂණ පවත්වන විට විධිමත්ව නොදන්වා හදිසියේ ඔස්ට්‍රෙලියාවට පැන යෑම, ඒ විනය විරෝධී කටයුත්ත නිසා යුද අධිකරණය විසින් ලබාදුන් දඬුවම, පිළිබඳව පූර්ණ වාර්තාවක් නාවික හමුදාපතිවරයා විසින් ඔහුවෙත යවා තිබියදීය.

විද්‍යාත්මක පදනමකින් හා සාධාරණ තක්සේරුවකින් තොරව ජනාධිපතිවරයා වෙලගෙදර වෙත විශේෂ සමාවක් ලබා දී ඇත්තේ  සුදු වෑන් සිද්ධියක් සම්බන්ධව ඇසින් දුටු සාක්ෂිකරුවෙක් බවට ඔහු රහස් පොලිසිය වෙත කරන ප්‍රකාශයක් පදනම් කරගනිමිනි. මේ සුදුවෑන් සිද්ධිය මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ.

කෙසේ වෙතත් විශේෂ විමර්ශනයකින් අනතුරුව නාවික හමුදාපතිවරයා විසින් කේ.සී වෙලගෙදරට එල්ල කර ඇති එක් ප්‍රධානම චෝදනාවක් වන්නේ මිනිස් ජාවාරමය. එහෙත් වෙලගෙදර ප්‍රකාශ කර ඇත්තේ නාවික හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් කළ මිනිස් ජාවාරමේ ප්‍රධාන සාක්ෂිකරු තමන් බවය. මේ පිළිබඳව සියලු තොරතුරු සහිත බුද්ධි වාර්තාවක් නාවික හමුදා ප්‍රධානීන් විසින් රජයට ඉදිරිපත් කර තිබේ.

වර්ෂ 2009 සිට නාවික හමුදාව විසින් මිනිස් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා දියත් කළ මෙහෙයුම් සාරාංශය මෙසේය.

වර්ෂ 2009 දී අනවසර බොට්ටු 07ක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය. ඒ වසරේ එක් බෝට්ටුවක් හෝ ලංකා මුහුදු සීමාව අනවසරයෙන් පහු කළේ නැත. 2010 දී බෝට්ටු 4 ක් අනවසරයෙන් ඔස්ට්‍රෙලියාවට ගොස් තිබිණි. 2011 වසරේදී නීතිවිරෝධීව යෑමට තැත් කළ බෝට්ටු 4කින් 3ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. එක් බෝට්ටුවක් පැන ගත්තේය. 2012 වසරේදී මිනිස් ජාවාරම් කරුවන් ලද කුමක් හෝ සංඥාවක් නිසා බෝට්ටු 185 ක් ඔස්ට්‍රෙලියාව වෙත යෑමට සූදානම් කර තිබිණි. ඉන් බෝට්ටු 123 ක් නීති විරෝධීව ඔස්ට්‍රෙලියාව බලා ගියේය. ඒ බෝට්ටුවල ගිය සරණාගතයින් ප්‍රමාණය 12 000 ක් ඉක්මවා ගියේය. යළිත් වර්ෂ 2014 හා 2015 වසරවල එකම බෝට්ටුවක්වත් ඔස්ට්‍රෙලියාවට යන්නේ නැත.

විශේෂත්වය වන්නේ නාවික හමුදාවට ඇස් වසා ගිය බව කියන බෝට්ටු 123 ලංකා මුහුදු සීමාව පසුකල වකවානුවේ එනම් වර්ෂ 2011 ජනවාරි 20 සිට වර්ෂ 2012 නොවැම්බර් 24 තෙක් සාගර බුද්ධි අංශය භාරව සිටියේ කේ.සී වෙලගෙදර වීමය. එවකට  නාවික හමුදාපති ලෙස සෝමතිලක දිසානායකත්, ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කපිල හෙන්දාවිතාරණත් අධ්‍යක්ෂ නාවික බුද්ධි ලෙස නිශාන්ත උලුගෙතැන්නත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ බුද්ධි ලෙස ප්‍රසන්න හේවගේත් කටයුතු කළහ.

වාර්තාවන පරිදි මේ එක් බෝට්ටුවක් ඔස්ට්‍රෙලියාවට පැටවීමේන් මේ පිරිස් උපයාගත් ශුද්ධ ලාභය රුපියල් කෝටි එකහමාරක් දෙකක් පමණ වන බවත් බෝට්ටු 123 න් පමණක් කෝටි දෙසීයකට ආසන්න මුදලක් උපයාගෙන ඇති බවත් කියැවේ. එහෙත් 2012 වසරේදී අත්අඩංගුවට ගත් බෝට්ටු 63 න් එක් බෝට්ටුවකින් එක් චූදිතයෙක් බැගින් ගෙන මේ ජාවාරම්කරුවන් පිළිබද නිශ්ඡිත පරීක්ෂණ කළ හැකිව තිබුණත්, නාවික හමුදාපතිවරයා ඉදිරිපත්කළ වාර්තාවේ චූදිතයන්ගේ අතාර්කික වත්කම් සොයා බැලිය හැකිව තිබුණත් රටක් ලෙස ඒ කටයුත්ත නොකර ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටිනා පුද්ගලයන් අනුව කටයුතු කිරීම ජාතියක් ලෙස බරපතල ව්‍යසනයක් අත්කර ගැනීමට නියමිත බව බුද්ධි තොතුරු අනතුරු හගවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.