මහින්දගෙන් යළිත් පොරොන්දුවක්

mahiඒකාබද්ධ විපක්ෂය සංවිධානය කල “ජන සටන ” රැලියට එක වූ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පවුලේ සියල්ලන් සිරගත කලත් තමන් කිසි දිනක දේශපාලනයෙන් ඉවත් නොවන බවයි.එසේම තම ආණ්ඩු සමයේ නිසි වාර්තා නොමැතිව ණය ලබාගෙන තිබේනම් ඒවා නොගෙවා සිටියහැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

තව ද තමන් බලයට නැවත පැමිණියහොත් රට විනාඩි 10ක් හෝ විදුලිය නොමැතිව අඳුරේ නොතබන නව ද ඔහු කියා සිටියේය.

මෙම ජන රැලියට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙම ආණ්ඩුව විහිළුවක් බව කියා සිටියේය.

තව දුරටත් මෙය ඉවසිය නොහැකි බවත් ආණ්ඩු වෙනසක් අත්‍යවශ්‍ය වී ඇති බවත් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

පරාජිතයන් පාර්ලිමේන්තුවේ සිටින එකම ආණ්ඩුව මෙය බව ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලියට සහභාගී වූ ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.

[vsw id=”9VHAH4pvJNU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.