මහින්දට උත්තර ලැබෙයි

mahiiiiiiiiබීමත් පුද්ගලයින් පිරිසක් හා අරලිය ගහ මන්දිරයට යන එන පුද්ගලයින් පිරිසක් විසින් ‘ හූ’ හඬ නගමින් තමන්ට විරෝධය පළකර සිටි බව සන්ධාන මහා ලේකම් මහින්ද අමරවීර මහතා පසුගිය දා කල ප්‍රකාශයට ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පිරිසක් ප්‍රතිචාර දැක්වීය.

ගාල්ලේ මාධ්‍ය හමුවක් කැඳවූ බද්දේගම නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවට සහභාගී වූ පළාත් පාලන ආයතන නියෝජිතයින් මහලේකම් මහින්ද අමරවීරට අභියෝගයක් එල්ල කළේය.

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චන්දිම ලියනගේ හා ගාල්ල – නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමචන්ද්‍ර විලේගේ මෙලෙස අදහස් දැක්වීය.

ඔවුන් ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන නියෝජිතයෙකු බීමතින් නොසිටි බවට සහතික වන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.