මහින්දානන්ද ආයෙත් ඇතුළට

mahindanandaපාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ලබන 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (22) නියෝග කළේය. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවේ පසුගිය 15 වැනිදාය.

සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේ සැකකරු අයථා ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 27ක මුදලක් යොදවා කොළඹ කිංසි පාරේ නිවසක් මිල දී ගෙන ඇති බවයි. මෙම නිවස මිලදී ගැනීමට අදාළ මුදල් සැකකරුගේ බැංකු ගිණුමෙන් ගෙවා ඇති බවට රහස් පොලිසිය සනාථ කළේය. තවත් මිලියන 10 ක මුදලක් නීති විරෝධී ආකාරයට උපයාගෙන ඇතැයි අනාවරණය වූ බව රහස් පොලිසිය කීවේය. ඒ කරුණු සලකා බලා අද වනතුරු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.   යළිත් මහින්දානන්ද ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය   නියෝග කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.