මහින්ද තවත් දිය වෙයි – සිහිනයකට හඬ දෙයි………….

New Party - Mahinda Rajapakshaපාද යාත්‍රාව පැවැත්වූ දා පටන් පසුබෑමකට ලක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රත්නපුරයේ දී තවත් පසුබෑමකට ලක්විය. අළුත් පක්ෂයක් පිහිටුවන බව කිය සිටියත් ඒ පිළිබඳව සද්දයක් නොවීය විකල්පය වූයේ ඡන්දයකට පෙර පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි වෙනස් කරමින් තමාගේ ම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී පරණ සෙල්ලමකි දෙවනුව මෙය රහසින් දෙන ‘ගේමක්’ මිස එළිපිට කරන දෙයක් නොවේ. ඔළුගෙඩි වෙනස් කරමින් තමාගේ ම ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අතාර්කික වන තවත් හේතු දෙකක් ඇත.

පළමුවැන්න නම් සිරිසේන -වික්‍රමසිංහ හවුල විසින් මන්ත්‍රීවරුන්ට දෙන වරප්‍රසාදය. ඒ දෙපල නිර්ලෝභීව ජනතා මුදලින් මන්ත්‍රීවරුන් සන්තර්පණය කරනු ඇත. දෙවනුව FCID ක්‍රියාදාමය ඔස්සේ එල්ල කරන පීඩනයයි.මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනු දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු වී ඇත. ඒ අනුව පැත්ත මාරු කිරීම භයානක ක්‍රීඩාවක් වනු ඇත. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි වෙනස් කරමින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ සිහිනය මහින්ද රාජපක්ෂ පවා විශ්වාශ නොකරන එකකි. එහෙත් තමන් වටකොට ගෙන සිටින පීරිස සනසාලිය යුතුව ඇත. ඒ සඳහා ඔළුගෙඩි වෙනස් කරමින්ආ ණ්ඩුවක් පිහිටුවා ගැනීමේ සිහිනය නරක නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.