මහ ඇමති මාව ඇන්දුවා… ආණ්ඩුකාර නිලූකා කියයි…

Niluka Ekanayake - Central Province Governorමධ්‍යම පළාත් මන්ත්‍රීවරුන් සදහා සංවිධානය වී තිබූ රුසියානු සංචාරයට ජනපති නොවිමසා අවසර දීම පිළිබඳව ජනපතිවරයා තමන්ට අප්‍රසාදය පලකරන තුරු එතුමා මේ පිළිබදව දැනුවත්ව නොසිටි බව නොදත් බවත්, ජනපති වාචික අවසරය මෙම සංචාරයට ලැබුණු බවට මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැතිවරයා කළ ප්‍රකාශය තමන් විශ්වාස කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකරවරිය වූ නිලූකා ඒකනායක පවසයි.  ඇය එසේ පවසන්නේ මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් සැලසුම්කර තිබූ රුසියානු සංචාරය ජනපති නියමයෙන් අවලංගු වූ පසුය.

මෙතැන් සිට මධ්‍යම පළාත් සභාවේ මූල්‍යය විනයක් ඇතිකරනු පිණිස දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් තීරණය කළ බව ඇය වැඩිදුරටත් කීවාය.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මේ වකවානුව මහජන නියෝජිතයන් ලෙස අත්‍යාවශ්‍ය නොවන විදේශ සංචාරයක නිරත වන්නට සුදුසු කාලයක් නොවන බව ඇය පැවසුවාය.  පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා මෙම සංචාරය අනුමත කරමින් ඊට අදාළ තීරණ ගෙන තිබූ බැවින් තමන් මෙයට අවසර ලබාදුන් බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මින් ඉදිරියට පළාත් සභා මන්ත්‍රීවරු විදෙස් සංචාරයන්හි නරත වන්නේ නම් ඊට අදාළ තීන්දු තමන් ගෙන් නොවිමසා නොගන්නා ලෙස ජනපතිවරයා උපදෙස් දී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.