මහ බැංකුවේ රහස් දත්ත එළියට ගිය හැටි හොයන්න… අගැමැති අණ කරයි

ranil-wickramasingheශ්‍රී ලංකා මහ බැංකුව සතු රහස් දත්ත පිටවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස මහ බැංකුව රහස් පොලීසියට දැනුම් දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් අදාළ දැනුම්දිම රහස් පොලිසිය වෙත කර තිබේ.

මහ බැංකුව සතු රහස් දත්ත පිටවීම සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකුවේ ඉහළ නිලධාරින් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මහ බැංකු අධිපතිවරයා පොලිසිය වෙත ඉහත දැනුම් දීම කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ලබන 15 දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර කරනා සංචාරය නිමවා යළි දිවයිනට පැමිණි සැනින් මුල්‍ය මණ්ඩලය කැදවා මේ පිළිබඳ සාකච්ඡා කිරිමට තිරණය කර තිබේ. එහිදි මහ බැංකුවේ රහස් දත්ත පිටකළ අය ගැන සෙවිම සඳහා කමිටුවක් පත් කරනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේය. මහ බැංකු රහස් පිටවිම ජාතික ආර්ථිකයට බලපාන විශාල වරදක් වන හෙයින් වැරදිකරුවන්ට තරාතිරම නොබලා පියවර ගැනිමට අගමැතිවරයා හා මහ බැංකු ඉහළ නිලධාරින් අතර පැවැති සාකච්ඡාවේදිද තීරණය වී තිබේ.

රටක මහ බැංකුවේ රහස් පිටවිම නිසා ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්විය හැකි බැවින් ඒ පිළිබඳ විදේශ මුල්‍ය ආයතන පවා අනතුරු අගවා ඇතැයිද එම නිලධාරියා කීවේය. කොළඹ මුල්‍ය නගරය ඉදිකිරිමේදි පවා මෙවැනි දේ අහිතකරව බලපෑ හැකි බැවින් ජාතික ආර්ථිකයට හානි කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් කළ යුතු බව ද මහ බැංකුවේ ඉහළ නිලධාරින් අගමැතිවරයා හමුවේ කරුණු දක්වා ඇත.

සබැඳි පුවත්

One thought on “මහ බැංකුවේ රහස් දත්ත එළියට ගිය හැටි හොයන්න… අගැමැති අණ කරයි

  • October 12, 2016 at 4:52 pm
    Permalink

    Jathika artikaya vinasa wenna deyak tiyenawada.Vinasa karapu aya honda hitawatun ne. Ownta viruddawa metek aragena tiyena kiriya marga monawada. Kopamana kalda…

    Reply

Leave a Reply

Your email address will not be published.