මහ බැංකු බැදුම්කර ගණුදෙනුව ගැන වාර්තාවක් ලබන සති දෙක ඇතුළත

Central-Bank55මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබන සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.
රාජ්‍ය ආයතන 19 ක සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ විමර්ශනයන්හී සංක්ෂිප්ත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. 2016 වර්ෂයේ ජනවාරි මස සිය අපේ‍ර්ල් මාසය දක්වා කාලය තුළ ආයතන 19 ක කළ විමර්ශනයන් මෙහි ඇතුළත්ව ඇත.
මෙහිදි හදුනාගත් ගැටලූ හතක් සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මාස තුනක කාලයක් වැඩියෙන් ලබා ගැනිමට සිදුවූයේ ප්‍රයේගික ගැටලූ නිසාවෙන් බවද හෙතෙම සඳහන් කළේය.
කමිටවු විසින් කරනු ලබන නිර්දේශ අදාල ආයතන මගින් නොසලකා හරින අවස්ථාවලදී ඔවුන්ට එම නිර්දේශවලට අනුගත වන ලෙස බල කිරීමේ බලතල කමිටුව සතු නොවීම, කමිටු නිර්දේශ ප්‍රමාද වෙන අවස්ථාවලදී වගකිව යුතු නිලධාරින් මාරු වී යාමට අවස්ථාව හිමිවිම යනාදි ගැටලූ පවතින බවද ඒ මහතා කීවේය.
තවත් ආයතන 15 ක් පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැදවා තිබෙන බවත් එහි වාර්තාවන්ද ඉදිරියේදි ඉදිරිපත් කරනා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඊට අමතරව පොදු ගැටලූ පවතින බවද ඒ මහතා කීවේය. ස්ථාවර නියෝගවල පවතින බාධා ඉවත් කිරිමට අවශ්‍ය බව කී සුනිල් හදුන්නෙත්ති මහතා නිතිමය ප්‍රශ්න පැන නගින අවස්ථාවන්හීදි නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කොප් කමිටුවේ සහායට පත් කළ යුතු යැයිද ප්‍රකාශ කළේය.
ඊට අමතරව සභවේ කටයුතු සඳහා ජනතාවට මැදිහත් වෙන්න අවස්ථාව තිබිය යුතු බවත් ඒ සඳහා ස්ථාවර නියෝග සංශෝධනය විය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. කෝප් කමිටුවේ කාර්ය භාරය ගැන අපි ජනාධිපති ලේකම්ට හා අගමැති ලේකම්ට දෛනිකව දැනුම් දෙනවා. කෝප් කමිටුවට දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තකයින් ලබාදිය හැකි නම් මීට වඩා ඉක්මණට අපේ විමර්ශන වාර්තා ඉදිරිපත් කිය හැකියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.