මාතර ශ්‍රීලනිප රැස්වීමට හූ වරුසාවක්

chandiශ්‍රීලනිප මාතර ආසන සංවිධායක දකුණු පළාත් අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත්‍ර මහතා විසින් මාතර සංවිධානය කල රැස්වීමක දී අද උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

මෙහි ප්‍රධාන ආරාධිතයා වුයේ නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතායි.

රුස්වීම අතරතුර දකුණු පළාත් ගුරු සමතුන්ගේ එකමුතුවේ පිරිසක් රුස්වීම් ශාලාවේ ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය. එම අවස්ථාවේ දෙපිරිසම ‘හූ’ කියාගනිමින් උණුසුම් වචන හුවමාරුවක් කරගත් අතර පොලිසිය තත්වය සමතයකට පත්කිරීමට උත්සහ කළේය.

ප්‍රධාන දොරටුව උද්ඝෝෂකයන් අවහිර කර ඇති නිසා පළාත් අමාත්‍යවරයා වෙනත් දොරටුවකින් පිටව ගියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.