මාතලේ මිනී මරුම… ජනක බණ්ඩාරට යළිත් ඇප

Janaka Bandara Tennakoonමනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චූදිතයන් වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් හා හේරත් මුදියන්සේලාගේ රූපිසිංහ නොහොත් තට්ට රූපේ අද (4) උදෑසන මහනුවර පළාත්බද මහා අධිකරණයේ කැදවූ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව රුපියල් පනස් දහස බැගින්වූ මුදල් ඇප දෙකක්, ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට පළාත්බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර නියෝග කළාය.

මේ පුද්ගල ඝාතන නඩුව දැනට වසර 17 ක් තිස්සේ ඇසෙමින් පවතින්නකි. වර්ෂ 1999 පෙබරවාරි මස 14 දා මාතලේ දිඹුල්ගමුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක දේශපාලන රැළියකදී ඇති වූ ආරවුලකදී අක්මීනගේ දොන් සමන්ත තිලක් කුමාර නැමැත්තෙක් වෙඩි තබා මරා දැම්මේය. හේරත් මුදියන්සේලාගේ චමින්ද සම්පත් කුමාර නැමැත්තෙක් වෙඩි වැදී මාස 2 දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා යන්තම් ජීවිතය පමණක්බේරා ගත්තේය.
මේ මිනී මැරුම් නඩුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුවූ අතර පසුව මහනුවර පළාත්බද මහාධීකරණයට යොමු කෙරිනි. මේ මිනීමැරුම සම්බන්ධව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ තේරත් මුදියන්සේලාගේ රූප සිංහ නොහොත් තට්ට සෝමේය. තට්ටසොමේ ඒ වනවිට ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු ඇමතිවරයාගේ රියදුරාය. තට්ටසෝමේ මෙතෙක් හිටියෙ වරෙන්තු පිටය.

මේ අතර තවත් පැමිණිල්ලක් ගොනු කරමින් වින්දියන් කියා සිටියේ තට්ටසෝමේ මිනීමැරුම් නඩුවේ පළමු සැකකරු ලෙස ඉදිරිපත් වුවත් ගිනි අවිය අත දරාගෙන සිටියේ ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු ඇමතිවරයා බවය. ඒ අනුව මහනුවර පළාත්බද අධිකරණය මගින් පත්වන ලද නඩු විභාගය අතර වැඩි දුර විමර්ශන කටයුතු සදහා පසුගිය වසරේ දී ( 2015-10-05 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය. පසුව ඇප මත නිදහස් විය.

යළිත් තවත ් නඩු වාරයක් අද කැදවා තිබිණි. පැමිණිල්ලට පක්ෂව සාක්ෂිකරුවෝ 13 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
පොලිස් හා ග්‍රාමසේවා සහතික සහිතව රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක්, රුපියල් පනස් දහසක මුදල් ඇප දෙකක්, මත දැඩි කොන්දේසි සහිතව මුදාහළ සැකකරුවන් සෑම මසකම 2 හා 4 ඉරිදා උදේ 9 සිට සවස 2 අතර මහවෙල පොලිසියේ පෙනී සිටීමේ නියෝග මත නිදහස් විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.