මාලඹේ ඇට කටු කාගේද ?

saitam-thajudinතමන් සතුව තිබු අස්ථි කොටස් නිත්‍යානුකුලව අධ්‍යන කටයුතු සඳහා ලබා ගත් ඒවා බවයි මාලඹේ සයිටම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. එසේම වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා මෙම ඉල්ලුම්පත ඉදිරිපත් කලේ තජුදීන් ගේ මරණයට පෙර බවත් එම නිවේදනයේ සටහන් වේ. මේ නිවේදනයත් සමගම ඔවුන් අස්ථි කොටස් ලබා ගත්තේ කවර අනුමැතියක් යටතේද යන ගැටළුව මතුවේ.  එම ඇට කටු තජුදීන් ගේ නොවේනම් ඒවා  අයිති කාටද ඒවා  ලබා දීමට නිසි ආකාර අනුමැතියක් තිබුනේද යන ප්‍රශ්න දැන් මතුවී තිබේ. මේ අතර වාරයේ සයිටම් ආයතනයේ උප කුලපති ලෙස කටයුතු කල  ආනන්ද සමරසේකර වසීම් තජුදීන් ඝාතනය සම්බන්ධයෙන්  නිසි ආකාරව කටයුතු නොකළ බව අධිකරණයේදී කරුණු හෙළිදරවු වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.