මාලිංග විශ්‍රාම යයිද ?

එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග ඊයේ (25) පැවැත්වූ තරගයෙන් පසුව විස්සයි 20 නායක ලසිත් මාලිංග මාධ්‍ය වෙත, ඔහුගේ ආබාධය පිළිබද හා විශ්‍රාම යාම පිළිබද අදහස් දැක්වූයේය.

ඔහු පැවසුවේ,

“2008 සිට ඇතිවූ ආබාධයෙන් පසු මම ප්‍රතිකාර ලබනවා.මේක මට විවේක ගතහැකි කාලයක් නෙමෙයි.විස්සයි 20 ලෝක කුසලානය තියෙනවා.මම වේදනා නාශක හා ප්‍රතිකාර ගනිමිනුයි ක්‍රීඩා කරන්නේ.මොකද විස්සයි 20 අත්දැකීම් වැඩිම පන්දු යවන්නා මම.ඒ නිසා මට හැකි උපරිමෙන් කණ්ඩායමට උදව් කරනවා.මේ මගේ අවසන් වසර කිහිපය සමහරවිට අවසන් මාස කිහිපය ද විය හැකියි.මම හිතන්නේ නැහැ මගේ  ආබාධයෙන් සම්පූර්ණ සුවයක් ලබන්න පුළුවන් කියලා.මම දන්නේ නෑ කොච්චර කාලයක් මට තියෙනවාද කියලා.නමුත් මම උත්සහ කරනවා ඒක කළමණාකරනය කරගනිමින් පුළුවන් උපරිම කාලයක් මගේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.