මාසයකට ලක්ෂ 35 යි… හිස් සෙලින්කෝ බිල්ඩිමට විදේශ කටයුතු අමාත්‍යාංශය කුලී ගෙවයි…

selincoවිදේශ කටයුතු අමාත්‍යාංශය සෙලින්කෝ ආයතනයට මසකට රුපියල් ලක්ෂ තිස් පහක් බැගින් ජාති ණයක් ගෙවමින් ජාතික ධනය විනාශ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ සේවක පිරිසක් අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ සිට  සෙලින්කෝ ගොඩනැගිල්ලේ තට්ටු තුනක් කුලියට ගෙන එම ස්ථානයට රැගෙන යෑම සදහා සැලසුම් කළ ද පසුගිය මාස 4 තුළම එම ගොඩනැගිල්ල පරිහරණයට නොගෙන මසකට රුපියල් ලක්ෂ 35 බැගින් කුලී ගෙවා ඇති බව එම කණ්ඩායම තවදුරටත් පෙන්වා දී ඇත. මේ මොහොත වනවිටත් එහි මහල් දෙකක් වසා දමා ඇති අයුරු ඔවුහු පෙන්වා දෙති.

අකාර්යක්ෂම පරිපාලනය හා තීන්දු ගැනීමේ මුග්ධකම හේතුවෙන් රුපියල් මිලියන ගණන් අවභාවිතකෙරෙන මේ අපරාධයට වගකිවයුත්තන් ලෙස  මරීනා මොහමඩ් – අතිරේක ලේකම් (පාලන), පුෂ්පකුමාර – අධ්‍යක්ෂ ජනරාල් (පාලන), ධර්මකීර්ති – අධ්‍යක්ෂ (පාලන), අබේසේකර- සහකාර අධ්‍යක්ෂ (පාලන)  වගකිව යුතු බවට ඔවුහු චෝදනා කරති.

විදේශ කටයුතු අමාත්‍යාංශය  2016 මැයි මාසයේ සිට මසකට රුපියල් ලක්ෂ 35 බැගින් මෙම සෙලින්කෝ ගොඩනැගිල්ලට ගෙවමින් සිටී. මේ වනවිට ගෙවා ඇති මුලු මුදල රුපියල් ලක්ෂ 175 කි. ඒ සමග බාරොන් ජයතිලක මාවතේ BOI ගොඩනැගිල්ලටත්  විදේශ කටයුතු අමාත්‍යාංශය    මසකට රුපියල් ලක්ෂ 4 බැගින් ගෙවමින් සිටී. ඒ අනුව පසුගිය මැයිමස සිට අමාත්‍යාංශ ගොඩනැගිල්ල සදහා මසකට රුපියල් ලක්ෂ 39ක් ආයතන දෙකකට ගෙවනු ලබන බව සේවක පිරිස ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත වාර්තා කර තිබේ.

බාරොන් ජයතිලක මාවතේ BOI ගොඩනැගිල්ලෙන්  සෙලින්කෝ ගොඩනැගිල්ලට පසුගිය මැයි මස මාරැවූයේ නම් හෝ සැලසුම් සහගතව ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම් අත්සන් කළේ නම් මෙම මුල්‍ය අපරාධය සිදු නොවන බව ඔවුහු පෙන්වා දෙති. මෙම වියදම් දැරීම තවදුරටත් අඛණ්ඩව සිදුවන්නට හැරීම ජාතික අපරාධයක් බව මෙම සේවකයෝ කියා සිටිති. මේ සම්බන්දව නොපමාව විධිමත් පරීක්ෂණයක් අපේක්ෂා කරති.

සබැඳි පුවත්

4 thoughts on “මාසයකට ලක්ෂ 35 යි… හිස් සෙලින්කෝ බිල්ඩිමට විදේශ කටයුතු අමාත්‍යාංශය කුලී ගෙවයි…

  • September 10, 2016 at 11:38 am
    Permalink

    මොනවද ලත මේ කතා

    Reply
  • September 10, 2016 at 11:39 am
    Permalink

    සමරවීර මහත්තයෝ මේකද යහ පාලනේ

    Reply
  • September 10, 2016 at 11:41 am
    Permalink

    විදේශ අම්ත්යන්ශයට ,මේවා අළුත් මතකනේ අර ෂෙ යනු නෝනා ජිනීවා වල ගෙවල් හදපු හැටි

    Reply
  • September 10, 2016 at 11:42 am
    Permalink

    එහෙත් හිල් මෙහෙත් හිල්
    අපෙන් යයි මුදල්

    Reply

Leave a Reply

Your email address will not be published.