මැඩම්ට වැරදිලා… නාමල් කියයි.

CN1

ජන සටන පාද යාත්‍රාව මනා ශික්ෂණයක් සහිතව නිශ්ශබ්දව, ඔසවා ගත් කොඩි අඩකුඹු කර ගෞරව දක්වමින් මීට ස්වල්ප වේලාවකට පෙර නිට්ටඹුව බණ්ඩාරනායක සමාධිය පසු කළේය.  ඒ වනවිට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ඉල්ලීම පිට දැඩි පොලිස් රැකවල් සමාධිය අසල භූමියට යොදවා තිබිණි.

සමාධිය අසලදී පාද යාත්‍රිකයෝ එක් මං තීරුවක් මුලුමනින්ම නිදහස් කළහ.   කිසිම වාහන තදබදයක් ඇතිවීමට ඉඩ නොතැබූහ. විමල් වීරවංශ විසින් චන්ද්‍රිකාගේ තාත්තා පිලිබද කරන්නට ගිය කතාව ඔහු අසල සිටි නාමල් රාජපක්ෂ වලක්වනු ලැබුවේය. සමාධිය අසලදී නාමල් රාජපක්ෂ මාධ්‍ය අමතා කීවේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන තමන් බණ්ඩාරනායක සමාධියට ගල් ගසන බව චන්ද්‍රිකා මැඩම් කියනවා නම් එතුමියට වැරදී ඇති බවය. ඇය ඇතුළු පවුලේ උදවිය බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට ගල් ගසනවිට ඒ සදහා තනිවම සටන් කළේ තමන්ගේ පියා මහින්ද රාජපක්ෂ බවය.

සමාධිය ඉදිරිපිටදීම නාමල් රාජපක්ෂ මාධ්‍යය අමතා ප්‍රකාශයක් කළේය.

අපේ පාද යාත්‍රාව දැන් බණ්ඩාරනායක සමාධිය ඉදිරියෙන් ගන්නවා. අපි දන්නවා ශ්‍රි ලංකා නිදහස්පක්ෂ නිර්මාතෘ එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරානයක මහත්මයා ඩී.ඒ රාජජපක්ෂ වැනි දේශපාලකයන් හා එක්වෙලා ගොඩනගපු තාලේ. මේක පංච මහා බලවේග එකතුකරගෙන ගොඩනැගුව පක්ෂයක්. ජනතාවාදී බලවේග නිර්මාණය කරපු  එතුමාගෙ සමාධිය ඉදිරියෙන් යනවිට   අපි කනගාටු වෙනවා   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූඑන්පී අතකොලුවක් බවට පත්වෙලා ඇති එක ගැන. ඒකබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්වන අපේ පරමාර්ථය තමයි ශ්‍රී ලංකා නිදහස්පක්ෂ ආණ්ඩුවක් මේ රටේ පිහිටුවීම. ජනතාවාදී ආණ්ඩුවක් බිහි කිරීම .

අද දවසේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ඉදිරිපත් වෙලා ඉන්නෙ මර්ධනකාරී ආණ්ඩුව ගෙදර යවන්න. අප කරන දේ ගැන අපට අවබෝධයක් තියනවා.  චන්ද්‍රිකා මැඩම් හිතනවානම්  අපි බණ්ඩාරනායක සමාධියට ගල්  ගහනවා කියලා   එතුමියට  වැරදිලා. අපි තමයි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යෙ ප්‍රතිපත්ති රකින්නෙ.  එතුමිය ඇතුළු පවුලේ අයත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගල් ගහද්දි මගෙ තාත්තා ශ්‍රී ලංකා නිහදස් පක්ෂය ආරක්ෂා කළා. අපි අදටත් රකින්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රතිපත්ති.

මෛත්‍රී ජනාධිපතිතුමා කිවුවා රජය ගන්න කකුලෙ කරගැට එනකම් ඇවිදිනවා කියලා. ඔවු… අපි ඇවිදිනවා… මොකද අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ආරක්ෂා කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදී ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂය නැතිකරනවා නම් කකුලෙ කරගැට එනකම් නෙමෙයි ජීවිතේ නැති වෙනකම් හරි අපි සටන් කරනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වගේම ජනතාවාදී ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න අපි කැප වෙනවා.

නාමල්  රාජපක්ෂ කීවේය. කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.