මැතිව් අබේසිංහ වැඩිම රන් පදක්කම් ලබා නව වාර්තාවක්

1991 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජුලියෑන් බෝලින් තබා තිබූ වාර්තාව බිද හෙළමින් මැතිව් අබේසිංහ මෙවර දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ දී ලබා ගත් රන් පදක්කම් 7 සමගින් නව වාර්තාවක් පිහිටුවිය.ඒ වැඩිම රන් පදක්කම් ලබා ගත් ක්‍රීඩකයා ලෙසය.

ඔහු අද දින 400m මිශ්‍ර ආර පිහිනුම් ඉසව්වෙන් සහ 100m නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගත් අතර මීට පෙර 200m සහ 50m නිදහස් ආර, 100mමෙන්ම ඒක පුද්ගල 400m ඉසව්වෙන් ද 100m සහය පිහිනුම් ඉසව්වෙන් ද රන් පදක්කම් දිනා ගත්තේය.

මෙවර තරගාවලියේ මේ වන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 41ක් හා ලෝකඩ පදක්කම් 52ක් සමගින් මුළු පදක්කම් සංඛ්‍යාව 113ක් ලබාගෙන ඇත.

සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 164ක් ලබා ගනිමින් ඉන්දියාව පෙරමුණේ පසුවෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.