මැයි මස ඒකාබද්ධ විපක්ෂයේ තවත් රැළියක්

ekabaddhaවත්මන් රජයේ රණවිරු දඩයමට, ගොවි සහන කප්පාදුවට,එට්කා ගිවිසුමට, දේශපාලන පළි ගැනීම් වලට හා ඡන්ද අයිතිය උදුරා ගැනීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පවත්වන ” ජන සටන ” විරෝධතා ජන රැලි මාලාවේ මීළඟ රැලිය මයි මස අගදී පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම රැලිය පැවැත්වෙන ස්ථානය පිලිබඳ ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මයි දින රැලිය තිඹිරිගස්යාය හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගනයේ පැවැත්වීමටත් මයි පෙළපාලිය නාරාහේන්පිට ශාලික ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කිරීමටත් තීරණය කර ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බැලීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.