මැලේසියානු කොටින්ගෙන පහර කෑ ලංකා මහකොමසාරිස් රෝහලෙන් ලංකාවට…

MELESIA1ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේදීම  දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදීන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබනා මැලේසියාවේ   ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් ගේ තත්වය අසාධ්‍ය නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.  කෙසේ වෙතත් මේ ප්‍රහාරය දැඩිව හෙළා දකින  රජය අද (5) මහකොමසාරිස්වරයා මැලේසියාවෙන් ඉවත්කර විදේශ අමාත්‍යාංශයට කැදවීමට තීන්දු කර ඇත.

ඊබ්‍රාහීම් අන්සාර්  ස්වකීය දෙවන ලේකම්වරයාය සමගම මෙම පහරකෑමට ලක්වූයේ මැලේසියාවේ නිල සංචාරයකට ගොස් සිටින ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දයා ගමගේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපලට කැදවාගෙන පැමිණි අවස්ථාවේය. මේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලොහාන් රත්වත්ත හා දිනේෂ් ගුණවර්ධන සමග මැලේසියාවේ සංචාරයක නිරතවෙමින් සිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව මැලේසියානු දෙමළ සංවිධානයක් දිගින් දිගටම උද්ඝෝෂණයන්හි නිරත වෙමින් සිටියේය.

දයා ගමගේ   කැදවාගෙන  පැමණි  මහකොමසාරිස්වරයා  ගුවන් තොටුපළේ දී  මේ පිරිස විසින් වට කරගනු ලැබීය. අනතුරුව මේ අන්තවාදීන් මහකොමසාරිස්වරයාගෙන් විමසා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ සිටින්නේ කොතැන ද කියාය. ඒ වන විට දිනේෂ් ගුණවර්ධන ලංකා බලා පිටත් කොට එවීමට මහින්ද රාජපක්‍ෂ  ගුවන් තොටට පැමිණීමට නියමිතව තිබිණි.

මේ විමසීමට මහ කොමසාරිස්වරයාගේ පිළිතුර වී ඇත්තේ ඒ පිළිබඳ තමාගෙන් නොව පොලීසියෙන් විමසන ලෙස ය. එම පිළිතුරත් සමග ම ඔහු වෙත කඩා වැදි කොටිහිතවාදීන් කොමසාරිස්වරයාගේ හිසට ප්‍රහාරය එල්ල කොට තිබේ. දෙවැනි-ලේකම්වරයා ද මොවුන්ගේ ප්‍රහාරයට ලක්විය. මේ ප්‍රහාරය එම අන්තවාදී ද්‍රවිඩ පිරිස් ස්වකීය ප්‍රජාවගේ අවධානය දිනා ගැනීම සදහා කළ ප්‍රාථමික මදාවිකමක් බව ආණ්ඩුව කියයි.

මේ ප්‍රහාරය පිළිබදව පූර්ණ පරීක්ෂණයක් කිරීමට මැලේසියානු බලධාරීහු සැරසෙති. එම ප්‍රහාරකයන් හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා මැලේසියානු බලධාරීන් වෙත ක්වාලාලම්පූර් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහාය හිමි වන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.