මැලේසියාවේදී මහින්ද දයා රහස් හමුවක්…

Daya Mahindaමැලේසියාවේ පැවති ආසියානු දේශාපාලන පක්ෂවල ජාත්‍යාන්තර  සම්මේලනයට සහභාගී වීමට    ගිය එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ   සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර රහස් හමුවක් මැලේසියාවේ ක්වාලාලම්පූර්හි දී පැවති බව වාර්තා වේ. මෙම ජාත්‍යාන්තර සම්මේලනටය සහභාගී වීම සදහා දයාගමගේ බිරිද අනෝමා ගමගේද පැමිණ සිටියත් ඇය මේ සාකච්ඡාවට සහභාගී වී නැත. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ උපදෙස්මත මැලේසියාවේ දී සිදුවුණු මේ රහස් හමුවේදී  ඉදිරි දේශපාලන සැලසුම් පිළිබද මූලික සාකච්ඡාවක් පවත්වා ඇතැයි පැවසේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එකගතාවයකින් යුතුව ගනුදෙණු කළ හැකි ආකාරය පිළිබද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී ඇතැයි එම දේශපාලන ආරංචිමාර්ග කියයි. මහින්ද රාජපක්ෂ පාර්ශවය ඉදිරිපත් කරනු ලබන කොන්දේසි මාලාව  මීට වඩා ප්‍රායෝගික වුවහොත් ඉදිරි දේශපාලන ගමනේ බලාපොරොත්තු නොවන ආකාරයේ  පෙරළියක් වනු ඇතැයි එම ආරංචිමාර්ග  විශ්වාසය පලකරයි.

අවශ්‍ය අවස්ථාවක මහින්ද රාජපක්ෂගේ සහයෝගය ලබා ගන්නා ආකාරය පිළිබද සැලසුමක් කලක සිට එක්සත් ජාතික පක්ෂය තුළ සාකච්ඡා වෙමින් තිබුණු අතර මේ සම්බන්ධව මූලික අදහස්ද දෙපාර්ශවය අතර හුවමාරු වෙමින් තිබිණි. වරෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ඕනෑම ඇමති ‍කෙනනෙකුට හෝ මන්ත්‍රී කෙනෙකුට වඩා සමීපයෙන් තමන් මහින්ද රාජපක්ෂ ඇසුරු කරන බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.