මිය ගිය ගැබිණි මවගේ කුසේ උන් දරුවා බේරාගත් විශ්මිත සැත්කම

(ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි)

නිරුපද්‍රිතව ජීවත්වන ළදරුවා
නිරුපද්‍රිතව ජීවත්වන ළදරුවා

baby 2-1

හදිසි අනතුරකින් අවාසනාවන්ත ලෙස මිය ගිය ගැබිණි මවකගේ කුස තුල සිටි දරුවා නිරුපද්‍රිතව බේරා ගැනිමට කළ විස්මිත සැතකමක් පිලිබද ගාල්ල මහමෝදර රෝහලෙන් වාර්තා වේ. ඒ සිද්ධිය මෙසේය.

කලුදේව චන්ද්‍රිකා ප්‍රියදර්ශනී නැමැති ගැබිණි මවක් දරු ප්‍රසුතිය සදහා මහ මෝදර  මාතෘරෝහලට ත්‍රි රෝද රථයකින් රැගෙන එමින්  සිටියේය. එහිදී ත්‍රිරෝද රථය ලංගම බස් රථයක හැපිනි.  අනතුරකින් ඉතා අවාසනාවනත් ලෙස එම  විසි පස් හැවිරිදි ගැබිණි මව මිය ගියාය.

වෛද්‍ය සමරසිංහ
වෛද්‍ය සමරසිංහ
වෛද්‍ය මධුශංක
වෛද්‍ය මධුශංක

අනතුර වූ මොහොතේම හැකි ඉක්මනින් ඇයව මහමෝදර රෝහලට රැගෙන විත් තිබිණි. ඒ වනවිට ඇය මිය ගොස්  මේ තරුණ මාතාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ බාහිර  ප්‍රථිකාර අංශයට රැගෙන ආවේය. එහෙත් දරුවා ජීවත් වෙමින් ඇති ලකුණු පල කරමින් තිබිණි. වහාම ගාල්ල මහමෝදර රෝහලේ ට්‍රෝලි නවතා ඇති කොටස ක්ෂණිකව   ජංගම ශල්‍යාගාරයක් බවට කෙරිනි. විනාඩි 2 කාලයක් තුළ සිසේරියන් සැත්කමක් සිදුකරනු ලැබීය. මව රෝහලට ගෙනැවිත් විනාඩි 13 යනවිට සියලුම මෙහෙයුම් අවසන්ව දරුවා නොමේරෑ ලදරු ඒකකය වෙත යොමු කර තිබිණි. මේ වනවිට ඒ පැටියා නිරුපද්‍රිතය. උතුම් මනුෂ්‍යන් පිරිසක් සාමුහිකව කළ බෝසත් වෑයම මල් පල දැරුවේය. මේ ඒ උතුම් කතාවය.

මේ මව ගේ ප්‍රණය නිරුද්ධ සිරුර ගෙන එන අවස්ථාවේ මහමෝදර රෝහලේ රෝගින් ඇතුළත් කිරිමේ අංශයේ සිටි ප්‍රධාන වෛද්‍යවරයා වූයේ වෛද්‍ය. වයි.ඒ.කේ.සමරසිංහය.  ඔහු කතාව අපට කීවේ මෙසේය.

පහුගිය බ්‍රහස්පතින්දා 04 තමයි දවස. වෙලාව උදේ  8.20ට විතර ඇති. මම තමයි එදා මහමෝදර රෝහලේ බාහිර ප්‍රථිකාර අංශයේ රෝගින් ඇතුළත් කරමින් සිටියේ. පිරිසක් කෑගහගෙන  අම්මා කෙනෙක් රැගෙන එනවා දැක්කා. මම මුලදි හිතුවේ  බබෙක් හමුවෙන්න ඔන්න මෙන්න ඉන්න අම්මා කෙනෙක් කියලා. ඇතුළත් කරමින් සිටි රෝගියා ඇතුළත් කිරිමත් නතර කරලා මම එළියට ආවා.  ත්‍රි රෝද රථයකින් අම්මා කෙනෙක් දාගෙන එනවා දැක්කා. අම්මගෙ හිසෙන් බරපතල විදිහට  රුධිරය ගලමින් තිබුණා.

ඇයව ඉක්මනින් ට්‍රොලියක දමා ගත්තා. අවශ්‍ය මූලික ප්‍රතිකා කළා.  ඒත් ඒ අම්මගෙ නාඩි වැටීම නැවතිලා තිබුණා. ස්වශනය හා හදව වැඩ කරනවද බැලුවා. නරත වෙලා. ඒ කිසි දෙයක් ක්‍රියාත්මක වුනේ නැහැ. ඇසේ තත්වය පරික්ෂා කළාම මට වැටහුණා අම්මා බේරගන්න බැරි වග. ඇය මියගොස් සිටියා…

ඒත් අම්මාගෙ   බඩ දිහා බලනවිට   බාබා දගලනවා දැක්කා. බඩේ ඉන්න දරුවා බේරාගන්න පුළුවන් කියලා හිතුනා. පස්සේ මේ ගැන  ප්‍රසව හා නාරිවේද පිළිබද විශේෂඥ වෛද්‍ය හර්ෂ කළංසුරියට සහ, රෝහල් අධ්‍යක්ෂකතුමිට කියලා අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. ඔවුන් උපදෙස් දුන්නා බබාගෙ ජීවිතය බේරගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා.

බාබාගේ ජිවිතය බේරා ගැනිමට අවශ්‍ය කටයුතු කරන්න කියලා උපදෙස් දුන්නා. අපට කාලයක් තිබුනේ නැහැ ශල්‍යාගාරයට  අම්මා ගෙනි යන්න. ඒ වනවිටත් බාබාගේ ශබ්දය  අඩුවෙමින් තිබුනා. විනාඩි දෙක තුනක් ඇතුළත බබා එළියට ගැනිමට අවශ්‍ය වුනා. ඒ මොහොතෙම වෛද්‍ය මදුෂාන් එම ස්ථානයට ඇවිත් හිටියා. ක්ෂණිකව ජංගම ශල්‍යාගාරයක් නිර්මාණය වුනා.  ට්‍රෝලිය උඩ තියාගෙන ශල්‍ය කර්මයක් කරලා බාබා ගැනිමට තින්දු කළා. වෛද්‍ය සමරසිංහ කීවේය.

වෛද්‍ය මදුෂාන් විරසිංහ   ප්‍රසව හා නාරිවේද පිළිබද  පශ්චාත් උපාධි පුහුණුව හදාරමින් සිටින වෛද්‍යවරයෙකි. මේ සිද්ධිය පිළිබද ඔහුගේ අත්දැකීම අපට කීවේ මේ ආකාරයටය.

මේ  සිද්ධිය වු දවසේ 02 වාට්ටුව තමයි  අදාල දිනට  රෝගින් ඇතුළත් කිරීමට  නියමිතව තිබුණේ. මා වාට්ටු සංචාරය කරමින් ඉන්න විට මට පණිවුඩයක් ලැබුණා හදිසි අනතුරට ලක්වු ගැබනි කාන්තාවක් ඇවිත් ඉන්නවා කියලා. අනික් වෛද්‍යවරු සමග මම එතනට දුවගෙන ආවා. ට්‍රෝලිය මත  ගැබනි කාන්තාවක් හිටියා. ඇගේ හිසෙන් රුධිරය වහනය වෙමින් තිබුනා. වෛද්‍ය සමරසිංහ   අම්මා මිය ගොස් ඇති බව සනාථ කරලා තිබුණේ. . අම්මා මිය ගිහින් බාබාගේ ශබ්දය  ඇහෙනවා කියලා  ප්‍රසව හා නාරිවේද පිළිබද විශේෂඥ වෛද්‍ය හර්ෂ කළංසුරිය සර් දැනුවත් කළා.. ළදරු ඒකකයේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනුවත් කළාට පසු ක්ෂණයකින් අවශ්‍ය උපකරණද රැගෙන ඒ අය පැමිණියා.

මියගොස් සිටි අම්මා ශල්‍යාගාරයට රැගෙන ගොස් ශල්‍යකර්මය කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අපේ කාර්ය මණ්ඩලය ක්ෂණිකව බාහිර ප්‍රථිකාර අංශයේ ජංගම ශල්‍යාගාරයක් නිර්මාණය කරලා දුන්නා. ට්‍රෝලිය මත තබාගෙන විනාඩි දෙකක් වගේ ඇතුලත බාබා සිසේරියන් සැත්කමක් කරලා එළියට ගත්තා. බාබා එළියට ගෙන ළදරු ඒකකයේ වෛද්‍ය ජනකට භාර දුන්නා. අම්මාගේ උදරය කැපුවත් රුධිරය වහනය වුනේ නැහැ.  ගර්භාශය සුදුවෙලා තිබුණේ..බබා නිල්පාට වෙලා හිටියේ. පොඩ්ඩක්වත් ඇඩුවේ නැහැ.

ළදරු ඒකකයේ වෛද්‍යවරුන්ට බාබා දුන්නට පස්සෙ   ඒ අය බාබාට කෘතිම ස්වශනය ලබා දීලා පෙනහලු ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු කළා. මේ වනවිට බබා හොද සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා. දැන් බබා කෘතිම ස්වශනය ලබා දෙන යන්ත්‍රය ගලවලා තියෙන්නේ. පිරිමි දරුවෙක් තමයි ඒ බබා. මේ වගේ අත්දැකිමට අපි කවුරුවත් මුහුණ දිලා නැහැ. මහමෝදර රෝහල් ඉතිහාසය දිහා බැලුවත් මෙහෙම දෙයක් වේලා නැහැ කියලා තමයි කියන්නේ. වෛද්‍ය රසානිත්  උදව් කළා. සුළු සේවකයාගේ සිට හෙද හෙදියන්, ළදරු ඒකකයේ වෛද්‍යවරු ඇතුළු සියලු දේනා  කාර්යක්ෂමව  එක කණ්ඩායමක් ලෙස වැඩ කළ නිසා තමයි බබා බේරාගැනිමට  හැකි වුණා.

වෛද්‍ය මධුෂාන් කීවේය. තවමත් අපේ රටේ බෝසත් මිනිස්සු සිටිති. එවැනි මිනිස්සුන්ට හිස නමා ආචාර කිරීමට මෙය අවස්ථාවකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.