මීතොටමුල්ල කුණු කන්දට එරෙහි නියමුවන් අත්අඩංගුවට.

meethotamullaමීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා මහතා හා නීතිඥ නුවන් බෝපගේ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මීතොටමුල්ල කුණුකන්දට එරෙහිව පසුගිය 27 වැනිදා පැවැති විරෝධතාවයක සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් ඊයේ (10) රාත්‍රී 11ට කීර්තිරත්න පෙරේරා (65) රාත්‍රී 1ට පමණ නීතිඥ නුවන් බෝපගේ (32) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට මොවුන් දෙදෙනා අද(11) ඉදිරිපත් කිරීමට නියමිතය.

මීතොටමුල්ල කුණු කන්ද කාලයක සිට ප්‍රදේශවාසීන්ට කරදරයක්ව පවතින අතර ඉකුත් මස 27 වැනිදා එම කුණුකන්දට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයකට කොළොන්නාව නගර සභාපතිවරයා ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනාවක් ද එල්ල විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.