මුලු දළදා පෙරහරටම ඉන්නෙ දළ ඇතුන් තුන් දෙනයි… දියවඩන නිලමේ කිියයි

EEමෙවර මහනුවර දළදා පෙරහරට  අලි ඇතුන් හිග බව දියවඩන නිලමේ  නිලංග දෑල  කියයි. මේ සම්බන්ධව වන ජීවි දෙපාර්තමේන්තුව කීවේ පෙරහරට අවශ්‍ය අලි ඇතුන් පින්නවල අලි අනාථාගාරයෙන් ලබා දිය හැකි බවය.

එහෙත් දියවඩන නිලමේ වරයා කියන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීවද පින්නවල අලි ඇතුන් පෙරහරේ ගෙනියන්නනට   නොහැකි බවය. ජනයාට සමීප නොවුණු, පුරුද්දක් පුහුණුවක් නැති අලි ඇතුන් විශාල ජන පිරිසක් මැද, පන්දම් ගිනි දැල් ආලෝකය මැද පෙරහරේ රැගෙන ගොස් උන් කුලප්පු වීමෙන් යම් අර්තබුදකාරී ත්වයක් ඇතිවුවහොත් සිදුවනනේ කුමක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

දියවඩන නිලමේවරයා පවසන පරිදි මෙවර දළදා පෙරහරේ ගමන් කරන්නට සිටින්නේ දළ ඇතුන් 03 පමණි. නැදුන්ගමුවේ රාජා, ඉන්දිරාජා සහ කතරගම වාසලා ඒ ඇතුන් තිදෙනාය. මිල්ලන්ගොඩ ඇතා මද කිපී ඇති බැවින් මෙවර පෙරහරට සහභාගී කරගත නොහැකිය.

තවත් හීලෑ ඇතුන් 6 දෙනෙකුගේ දත් වැටී ඇති බවත් ( හස්තියෙකුගේ ජීවිත කාලය තුළ තුන් වරක් දත් වැටේ) එනිසා ආහාර ගත නොහැකිවීමේ වේදනාව හේතුවෙන් ඔවුන් කුලප්පුවීමට ඇති ඉඩ වැඩි බවත් වාර්තා වේ. එබැවින් පුරා දින 10ක් මේ හස්ථීන් ලවා කරඬුව වැඩම්මවීම අර්බුදයක්ව ඇතැයි දියවඩන නිලමේවරයා පවසයි.

මේ අතර වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියන්නේ දියවඩන නිලමේවරයා මේ කියන්නේ පෙරහරට අලි මදිවීමේ කතාවක් නොව, අලි පැටවු ජාවාරමට රජය එරෙහිවීමේ වේදනාව බවය. විශේෂ කාරාණාවක් නොවේ නම් පෙරහරට සහභාගී කරවන අලින්ගේ ගනණනෙහි වෙනසක් වන්නනේ නැති බවත් රජය භාරයට ගත් අලි   නීති විරෝධීව රඳවාගෙන සිටි කුඩා පැටවු බවත්, ඔවුන් රැගෙනවිත් තිබුණේ මව් ඇතින්න මරා දමා බවත් වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පින්නවල අලි සැකනම්, උන් පෙරහරේ ගමන් කරවීමට ටියුෂන් දී නැතිනම්, දෙහිවල සත්තුවත්තේ සිටින පුහුණු කරන ලද ඇත් පන්තිය, පෙරහරේ නට නටා යන්නට උනත් සැපයිය හැකි බව ඒ ජ්‍යෙෂ්ට නිලධාරියා ලංකා නිවුස්ලයින් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.