මෛත්‍රී අඳුරේ

siriවයඹ පළාතේ දේශීය වෛද්‍යවරුන්ට සම්මාන දීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේනට ත්‍යාග ප්‍රධානය කිරීමට සිදු උනේ විදුලි පන්දම් ආධාරයෙනි.

පුරා පැය භාගයක් අඳුරේ සිටීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාවෙන් පිටවෙද්දී ජනතාව තුල නැගුනු ප්‍රශ්නය වුනේ මේ රටේ ජනාධිපතිවරයෙක් සිටිනවා ද නැද්ද යන පැනය මතු කරමිනි.

ජෙනරේටර් ක්‍රියා විරහිත වී තිබු අතර වයඹ පළාත් සභා සභාපතිවරයා මාධ්‍යවේදීන්ට බන වැදීම හේතුවෙන් ඔවුන්ද උත්සවය වර්ජනය කොට තිබුණි.

විදුලිබල මණ්ඩලය විදුලිය විසන්ධි නොකරන බව කියා සිටියත් විදුලිබල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීමට පසුබට නොවන බව පෙන්වමින් ඊයේ ජනාධිපතිවරයා අඳුරේ තැබීමට පසුබට වන්නේ නැත.

දැන් රට පාලනය කරන්නේ තමන් ද නැත්නම් ඒ ඒ ආයතන වල සේවකයන් ද යන ප්‍රශ්නය විසදා ගත යුතුව ඇත.

විදුලි බල ඉංජිනේරුවන් කියා සිටියේ නියඟය හේතුවෙන් විදුලිය කැපීමට සිදුවන බවයි.

එහෙත් දැන් හැන්දෑවට යහමින් වැසි ඇද වටේ.

එහෙයින් අලුත් තත්වය පිළිබඳව තම මතය පැහැදිලි කොට ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව කතා කිරීම විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන්ගේ වගකීමයි.

මේ කඹ ඇදිල්ල ගැන බල ශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය කුමක් කියන්නේද යන්න දන ගැනීමට ඇත්තේ කුතුහලයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.