මෛත්‍රී අල්ලස් ඉල්ලුවා… ඔස්ට්‍රෙලියානු සමගාමක් කියයි…

වර්ෂ 2011 දී  ඔස්ට්‍රෙලියාවේMMM ස්නෝවි මවුන්ටන් ඉංජිනේරු සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක  කොන්ත්‍රාත්තුවක් ලබාදීම සඳහා අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාවට තමන් සම්බන්ධයක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තමන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් වර්ෂ 2011 දී මේ කියන ගනුදෙනුවට සම්බන්ධදැයි සොයා බැලීම සඳහා වැඩිදුර තොරතුරු තමන් වෙත ලබා දෙන මෙන් ඔස්ට්‍රෙලියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා පැවසුවේ යැයි සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත පවසයි. මෙතැනින් බලන්න (http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html)

වර්ෂ 2011 වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා මෙන්ම කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජනසේවා ඇමතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන ලග එන මැතිවරණය වෙනුවෙන් පක්ෂයට ආධාරයක් කළහැකිදැයි  තමන්ගෙන් විමසූ බව ස්නෝවි මවුන්ටන් ඉංජිනියරිං සමාගමේ ශ්‍රී ලංකා කළමනාකාරවරයා   තම මවු සමාගමට දන්වා තිබේ.

මේ මුදල ලබා දීම හෝ නොදීම මත ඇමරිකානු ඩොලර් මිලියන 1.82 ක වේල්ල සංවර්ධන ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුව ලබාදීම තීරණය විය හැකි බව මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයෙන් එම සමාගම වෙත දන්වා ඇත. මේ කරුණු අන්තර්ගත ඊමේල් පණිවුඩයක් ලැබුණු බව ස්නෝවි මවුන්ටන් ඉංජිනියරිං සමාගම පිළිගන්නා නමුත් තමන් කිසිම අල්ලස් මුදලක් නොගෙවූයේ යැයි සමාගම් කළමනාකාරවරයා ඔස්ට්‍රෙලියානු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

ඊ මේල් ගනුදෙණුව කළ ස්නෝවි මවුන්ටන් ඉංජිනියරිං සමාගමේ ශ්‍රී ලාංකික කළමණාකාරවරයා සේවයෙන් පහ කකර තිබේ.

ඉදිරියේ සිදුවන විමර්ශන කටයුතු ක්ෂණිකව වාර්තා කිරීමට ලංකා නිවුස් ලයින් සූදානමින් සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.