මෛත්‍රී තිරුපති යැවුවෙ නිලූකා…

Sumaneජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පවුල මහින්ද රාජපක්ෂ ගිය පාරේ තිරුපති යවා ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියවන නිලූකා ඒකනායක බව වාර්තා වේ.

නිලූකා ඒකානායක යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නක්ෂත්‍ර කටයුතු කරන නිල තැනැත්තිය වේ. මහින්ද රාජපක්ෂගේ නැකැත් බලා දේශමාන්‍ය සුමනදාස අබේගුණවර්ධන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයෙන් පිදුම් ලැබුවා සේ මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ රාජකීය නැකැති කත වූ නිලූකා ඒකනායකට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය පරිත්‍යාග  කළේය.

නවීන යැයි කියනු ලබන රනිල් වික්‍රමසිංහටත්, ලිබරල් චින්තනය දොරේ ගලන මංගල සමරවීරත් නැකැත් බලවා ගන්නේ නිලූකා ඒකනායක හරහාය.

එළඹ ඇති ඒරාෂ්ටකයකින් බේරීමට නිලුකාගේ උපදෙස් පිට තිරුපති ගිය මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පවුලේ සැම තිරුපති ගොස් අනාථ වූයේය. තිරුපති වැද යළිත් සිය වාහනයට පැමිණි මෛත්‍රිපාල ඇතුළු පවුලේ පිරිස දුටුවේ ඔවුන් හුදකලා වී ඇති බවය. ඔවුන් තිරුපති රැගෙන ගිය රියදුරු ඇතුළු ආරක්ෂකයින් මෛත්‍රීපාල පැමිණෙන විට කෝවිල ඇතුළට ගොස් සිට ඇත. විනාඩි 12 පමණ කාලයක් අතිශය අනාරක්ෂිතව මේ පිරිස තිරුපති කෝවිල අසල නන්නත්තාර වී සිට ඇත.

ජනාධිපතිවරයා තිරුපති කෝවිල තුළ සිටියදී ප්‍රභූ ආරක්ෂකයින් මෙන්ම රියදුරා කෝවිල තුළට යෑම පිළිබදව ඉන්දියානු ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.