මෛත්‍රී රනිල් විරසක යළි ඇවිලේ…

Ranil vs Maithriඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සදහා සහභාගී වූ 67  යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට පක්ෂයේ නිසි අවසරය නොගෙන සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම ඍජුවම ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත එක් වීම නිසා ගැටුමක් නිර්මාණය වී තිබේ.
මේ කණ්ඩායමේ‍ෙඑක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු කීපදෙනෙක් ඍජුවම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කටයුතු කරගෙන යන බව කලෙක සිට පක්ෂයට නිරීක්ෂණය  බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
මේ සංචාරය සදහා සහභාගී වූ සංචාරක නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා සහභාගී වන්නේ විදේශ ඇමතිවරයාත් ඒ අවස්ථාවට සහභාගී වෙමින් සිටියදීය. මේ සංචාරය සදහා සහභාගී නොවන ලෙස පක්ෂ නායකත්වය අජිත් පී. පෙරේරා වෙත දන්වා සිටිද්දී ඔහු  එය නොතකා  ඇමරිකානු සංචාරයට සහභාගී වී ඇත.
මේ වනවිට නිවුයෝක්  ගමන සදහා නිසි අවරසටයකි තොරව එක් වුණු සියලු දෙනාට නිදහසට හේතු දක්වා ලිපි යවා ඇති බවත් ඔවුන් සම්බන්ධව දැඩි විනය ක්‍රියාමාර්ගකයට යන බවත් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් මේ හැට හත් දෙනා නිවුයෝක් ගෙනයෑම සදහා එක් අයෙක් වෙනුවෙන් ලක්ෂ 20 ආසන්න මුදලක් ආණ්ඩුව වියදම් කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.