මෛත්‍රී සම්පන්දන් සංධානගත වෙයි…

sanඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය එක්‌ව තරග කිරීමට නියමිතව ඇති බව බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය පවසයි.

ඉසුර දේවප්‍රිය මේ සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට පෙර ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා දේශපාලන සැලසුම් සකස් කිරීම සදහා විවිධ දේශපාලන නායකයන් ජනාධිපතිවරයාව හමුවී තිබේ. මේ අතර ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද ද විය. උතුරේ සිදුවන ඉදිරි දේශපාලන කටයුතු සදහා ඩග්ලස් දේවානන්දව සම්බන්ධ කරගැනීමට ජනාධිපතිවරයා වැඩි ප්‍රිය තාවයක් දක්වා තිබිණි.

මේ අතර ටී.එන්.ඒ නායක ආර්. සම්පන්දන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව හමුවී තිබිණි. ඔහු ඒ වනවිට ඊ.පී.ඩී.පී නායකයා සහ ජනාධිපතිවරයා අතර ඇතිවූ හමුව දැනගෙන සිටියේය. සාකච්ඡාව අතර ටී.එන්.ඒ නායක ආර්. සම්පන්දන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ වැඩකට නැති දේශපාලකයන් හා එක්ව කටයුතු කරනවාට වඩා උතුරේ බලය සහිත ද්‍රවිඩ ජාතික සංධානය හා එක්ව කටයුතු කිරීම යහපත් බැවින් ඒ සදහා අවධානය යොමු කරන ලෙසය.

ජාතීන් අතර පුලුල් සංහිදියාවක් සහිත ගමනක්  මෛත්‍රීපාල සිරිසේන විසින් ආරම්භ කර ඇති බැවින් මේ සංධානගත වීම ඓතිහාසික එකක් වනු ඇති බවට ඉසුර දේවප්‍රිය මහ ඇමතිවරයා ස්වකීය විශ්වාසය පලකරන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.