යහපාලනය විදේශ සේවයට අමුඩය ගස්සවයි…

Tieයහපාලනයේ ප‍්‍රකාශිත අරමුණුවලට පටහැනිව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ඥාතියෙක් වූ සුප‍්‍රකට ස්වදේශ කර්මාන්ත ආයතනයේ අධිපති අමාරියා විජේවර්ධන මහා බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීමත්, ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ හිතවතියක් බව කියන,  ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු සරෝජා සිරිසේන ජර්මනියේ තානාපති තනතුර සදහා පත් කිරීමට යෝජනා වීම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඥාතියෙක් වන වෘත්තීය ගුරුවරයෙක් වූ ගාමිණී විජේරත්න ජර්මන් තානාපති නිලධාරියෙක් ලෙස පත් කිරීම ඇතුළු සිදුවීම් මාලාවක් නිසා  විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් බරපතල අවුලකට පත් වී ඇතැයි වාර්තා වේ.

අදවන විට ජපානය, ඕස්ෙටි‍්‍රලියාව, සිංගප්පූරුව, චීනය, ප‍්‍රංශය, ඉතාලිය, පෝලන්තය, දකුණු අපි‍්‍රකාව, ඔස්ටි‍්‍රයාව, පකිස්ථානය, කටාර් රාජ්‍ය, සෞදි අරාබියාව, කෙන්යාව, ඊජිප්තුව, අරාබි එක්සත් එමීර් රාජ්‍ය, මැලේසියාව, නයිජීරියාව, මාලදිවයින, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලූ රටවල් විශාල ප‍්‍රමාණයක තානාපතිවරුන් ලෙස කටයුතු කරන්නේ දේශපාලන පත්වීම් ලද තානාපතිවරු වීම නිසා රාජපක්ෂ රෙජීමයේ පාලනය හා යහපාලනය අතර කිසිම වෙනසක් තමන්ට නොපෙනෙන බව ඔවුහු පවසති.

මුම්බායිහි ශ්‍රී ලංකා තානාපති නිලධාරීනි සරෝජා සිරිසේන මධ්‍යසාර වීදුරුවක් සහිතව දැන්වීමට පෙනී සිටි අයුරු...
මුම්බායිහි ශ්‍රී ලංකා තානාපති නිලධාරීනි සරෝජා සිරිසේන මධ්‍යසාර වීදුරුවක් සහිතව දැන්වීමට පෙනී සිටි අයුරු…

විදේශ අමැතිගේ මාධ්‍ය ප‍්‍රකාශිකාව වන මහේෂිණී කොලොන්නේ කියා සිටින්නේ නිලධාරී හි`ගයක් ඇති නිසා මෙසේ පිටස්තර පුද්ගලයින් පත් කිරීමට සිදුවූ බවයි. එහෙත් තානාපති තනතුරුවලට අතිරේකව අනෙකුත් තානාපති නිලධාරීන් තනතුරු සඳහා කිසිදු සුදුසුකමක් නැති පිටස්තර පුද්ගලයින් විශාල පිරිසක් ද පත් කර තිබේ. මේ අතර ඇමති විජිතමුණි සොයිසාගේ සහෝදරයාගේ පුතා වන නාමල් විජේමුණි සොයිසා ඔස්ටි‍්‍රයාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ තානාපති නිලධාරියෙක් වශයෙන් පත් කර තිබේ. එසේම මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඥාතියෙක් වූ ගුරුවෘත්තියේ යෙදී සිටි ගාමිණී විජේරත්න ජර්මනියේ තානාපති නිලධාරියෙක් ලෙස පත් කර තිබේ. මීට අමතරව විශ‍්‍රාමික හමුදා නිලධාරීන්, ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දුගේ බෑණා, පරිපාලන සේවයේ නිලධාරීන්, තේ වෙළෙන්ඳන් ඇතුලූ විශාල පිරිසක් විදේශ සේවයේ නිලධාරින් සිටියදී පත් කර තිබේ. දැනටමත් 28 දෙනෙකුගෙන් සමන්විත දේශපාන පත්වීම් ලැයිස්තුවක් සකස් කර තිබෙන අතර කැබිනට් අනුමැතිය ලද වහාම එම පත්වීම්ද කරනු ඇත.

එහෙත් වසර හතරක් පමණ කොළඹ සේවය කරන වෘත්තීයමය විදේශ සේවා නිලධාරීන්ට කිසිදු පත්වීමක් දීමට ඇමතිවරයා සුදානම් නැති බව දැන ගන්නට තිබේ.
විදේශ ලේකම්  තනතුරට සියලූ සුදුසුකම් සපුරා සිටි විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ රංජිත් උයන්ගොඩ එම තනතුරින් පමණක නොව, ඔහුට ලැබිය යුතුව තිබූ ජර්මනියේ තානාපති තනතුරින්නද හලා ජනාධිපතිවරයා විසින් ඔහු තැපැල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර ඇත්තේ ඇමති ඩිලාන් පෙරේරාගේ හිතවතියක් බව කියන සරෝජා සිරිසේනට එම තනතුර ලබාදීම සදහා බව එම ආරංචි මාර්ග කියයි.
ඇය බැසිල් රාජපක්ෂගේ අමාත්‍යංශයේ ජාත්‍යන්තර අංශය භාරව සිට අනතුරුව බොම්බායේ කොන්සල් ජනරාල් තනතුර ලැබුවාය. බැසිල් සමග මුල්‍ය අපරාධ කොට්ඨාශයට යායුතු ඇයට ජර්මනියේ තානාපති තනතුර ලැබීමට නියමිත බවත් විදේශ සේවයේ දෙවන ශ්‍රේණියට අයත්වන ඇය ජ්‍යෙෂ්ඨත්වයෙන් 47 වන ස්ථානයේ පසුවන බවත් එම ආරංචිමාර්ග කියයි. සරෝජා සිරිසේනට පෙර තානාපති තනතුරක් සඳහා නම් කළ යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර අශෝක ගිරිහාගම, එස් ගනේගමආරච්චි, සී එච් විජේරත්න වැනි නිලධාරීහු වෙති. මෙම නිලධාරීන් අමාත්‍යංශයේ දැනටමත් වසර දෙකකට වැඩි කාලයක් සේවය කර තිබේ. දැනට අමාත්‍යංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලූ දෙනාම ජේආර් සහ පේ‍්‍රමදාස ජනාධිපතිවරුන් සමයේ විදේශ සේවයට බඳවා ගත් අත්දැකීම් බහුල නිලධාරීන්ය. ඔවුන්ට තවත් වසරකින් විශ‍්‍රාම ගැනීමට නියමිත බව පැවසේ.
එමෙන්ම සරෝජා සිරිසේන තානාපති සේවයේ ගරුත්වය කෙළෙසන ලෙස මුම්බායේදී හැසිරෙමින් සිටින බවත්, ඇය විසින් 2015 දෙසැම්බර් මස UPPER CRUST මධ්‍යසාර සහ ආහාර අළෙවිකරන ආයතනයක සගරාවක මුල් පිටුවේ වයින් වීදුරුවක් සහිතව ඡායාරූපයකට පෙනී සිටි බවත් රජයේ නිලධාරියෙක් හට මෙවන් ප‍්‍රචාරණාත්මක සගරාවල පෙනී සිටිය නොහැකිය බවත් එම ආරංචි මාර්ග දන්වා සිටී.
යහපාලන රජය පත්වූ වහාම විදේශ සේවයේ දෙවන ශ්‍රේණියට අයත් අඩු සුදුසුකම් සහිත නිලධාරීන් පිරිසක් තානාපති තනතුරුවලට පත් කිරීම, මේ සියලූ දෙනාම පසුගිය රජය සමයේ සජින්වාස් ගුණවර්ධන මන්තී‍්‍රවරයාගේ හිතවතුන් වීම හා ඉන් විදේශ සේවයේ පළමු ශ්‍රේණියට අයත් නිලධාරීන්ට කර ඇති දැඩි අසාධාරණය පිළිබදව විදේශ සේවයේ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයාද දැනුවත් කර තිබේ. ජපානයේ සුනාමි ව්‍යාසනයේදී එහි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යල අතහැර පැන යෑම පිළිබද කළ පරීක්ෂණයෙන් වරදකරුවීම නිසා සේවයෙන් පහළට දැමීමට නිර්දේශ කළ ඇසල වීරකොන් ( හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම් බ‍්‍රැඞ්මන් වීරකොන්ගේ පුතා) විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දසදෙනෙක් අභිබවා විදේශ ලේකම් තනතුරට පත් කිරීම, සජින්වාස් සරණ යාම නිසා සහකාර අධ්‍යක්ෂ නිලයේ සිට අතිරේක ලේකම් දක්වා එක් රැයින් උසස්වීම් ලද අමාත්‍යංශයේ කාර්යක්ෂමතා කඩ ඉම් විභාග කිසිවක් නියමිත වේලාවට සමත් කර ගන්නට නොහැකිවූ මජින්ත ජයසිංහ සහ මීට පෙර මංගල සමරවීර විදේශ ඇමති වශයෙන් සිටි යුගයේදී ඔහුගේ සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළ ලෙනගල යන දෙදෙනා දැනට සිටින තානාපතිවරු දෙදෙනෙක් ඉවත් කර තානාපති තනතුරුවලට පත් කිරීමට සැලසුම් කිරීම මේ අර්බුදය තවත් උග‍්‍ර කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.