යාපනයේ සරසවි සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් චෝදනා

jaffnaයාපනය විශ්වවිද්‍යාලයේ සරසවි සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කල බව කියන සහය මහාචාර්යවරයෙක් සහ කථිකාචාර්යවරයෙක්ගේ වැඩ තහනම් කල බව උප කුලපතිනි v. අරිසරත්නම් මහත්මිය කියා සිටින්නීය.

මේ දෙදෙනා සිසුවියන්ගෙන් ලින්ගිකනල්ලස් ඉල්ලා සිටීම පිලිබඳ විනය පරීක්ෂණ ආරම්භ වී ඇති අතර එම පරීක්ෂණ වලින් හෙළිදරව් වන තොරතුරු අනුව තමන් ඉදිරි පියවර ගන්නා බව උප කුලපතිනිය පැවසුවාය.

යාපනයේ වීරසිංහම් ශාලාවේ දී කාන්තා සංවිධායකයන් පැවැත් වූ රැස්වීමක් අමතමින් අරිසරත්නම් මහත්මිය කියා සිටියේ සිසුවියන් මේ පිලිබඳ මීට පෙර බලධාරීන්ට දන්වා නොදිටේම හේතුවෙන් තමන්ට මේ තාක් පියවර ගැනීමට නොහැකි වූ බවයි.

දිවයිනේ තවත් සරසවි කිහිපයකින්ම ලිංගික අල්ලස් ගැන චෝදනා ඉදිරිපත් කොට ඒ පිළිබඳව කතා බහක් ඇති කිරීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ.

දැනට පවතින විභාග ක්‍රමයේ රහස්‍ය බව ඇති තාක් ලිංගික හිංසනය දුරලිය නොහැකි බව තතු දන්නෝ පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.