යාපනය විශ්ව විද්‍යාල සිසුන් යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක

jaffna university students protestදිනසේන රතුගමගේ
යාපනය විශ්ව විද්යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කිරීම සදහා විශ්ව විද්යාදල සිසුන් යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිටදී 24 දා උදෑසන සිට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

සිසුන් දෙදෙනා මියයාම වෙණුවෙන් යාපනය විශ්ව විද්යාාලීය සිසුන් ශෝකය පලකිරීම පිණිස 24 දා සියලුම දේශන වර්ජනය කොට විශ්ව විද්යාලලයට ශෝක දිනයක් ප්රවකාශයට පත් කොට තිබේ.

විශ්ව විද්යා ලීය සිසුන්ගේ ඉල්ලීම මත යාපනය නගරයේ වෙලෙදසැල් ගණනාවක්ම වසා දමා ඇති අතර නගරයේ තැනින් තැන කලු කොඩි දමා විරෝධය පලකොට ඇත.

විශ්ව විද්යා ලීය සිසුන්ගේ විරෝධතාවය නිසා යාපනය -මහනුවර ඒ-9 මාර්ගය දිසපති කාර්යාලය ඉදිරිපිටින් සම්පූර්ණයෙන්ම ඇහිරී තිබුණද මාර්ග අවහිරතාවය ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් නොපැමිනීම නිසා වාහන කරුවන්ට වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවුණි.

වෙඩි වැදීමෙන් මියගිය යාපනයේ කන්දරෝඩේයි ප්රිදේශයේ පදිංචි සුදන්දිරරාජා සුලක්ෂන් සිසුවාගේ අවසන් කටයුතු 24 දා පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇති අතර විශ්ව විද්යාාල සිසුන් මේ අවස්ථාවේදී පෙළපාලි යාමටද කටයුතු සැලසුම් කොට ඇත.

මියගිය අනෙක් සිසුවා වන කිළිනොච්චියේ පදිංචි නඩරාජා ගජන් සිසුවාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 23 දා සවස කිළිනොච්චිය ඉරණමඩු ප්ර දේශයේදී සිදු කෙරිණි.

කෙසේ වෙතත් මෙම සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධියට විරෝධය පලකිරීම පිණිස දෙමළ දේශපාලන පක්ෂ පහක් 25 දා උතුරු පළාත තුළ හර්තාල් ව්යා පාර්යක් සංවිධානය කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.