යුද්ධ හමුදාවට කානු ශුද්ධ කරන්න කිව්වේ නෑ. – උතුරු මහ ඇමති.

vigneswaranයුද්ධය හේතුවෙන් යාපනයේ කානු පද්දති වසා දැමූ යුද හමුදාවට යුද්ධයෙන් පසුව එම කානු පද්දති යළි සකස් කරදීමට හැකි දැයි යුද හමුදාවගෙන් විමසීමට පියවර ගත්තා හැරෙන්නට යුද හමුදාවට යාපනයේ කුනුකානු හාරන්නට නොකියූ බවට උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.

හෙතෙම මේ බව සඳහන් කළේ යාපනය උතුරු පළාත් සභා ගොඩනැගිල්ලේ දී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ උතුරු මහඇමති, “යුද සමයේ දී කොටි සංවිධානය විසින් යුද හමුදාවට යාපනය කානු පද්ධති යොදාගෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයන් හා විවිධ ප්‍රහාරයන් එල්ල කිරීම හේතුවෙන් යුද හමුදාව විසින් යාපනයේ කානු පද්දති වසා දැමීමට පියවර ගත්ත ද මේ වනවිට යුද්ධය අවසන් වී ඇති බැවින් එම කානු පද්ධති යළි පිලිසකර කිරීමට හැකි දැයි තමන් යුද හමුදාවගෙන් විමසීමට පියවර ගන්නා බවට තමන් උතුරු පළාත් සභාවේ දී පැවසූ බවට කියා සිටියේ ය.

මීට හේතුව වශයෙන් උතුරු මහ ඇමති පෙන්වා දුන්නේ පසුගිය දිනවල අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ගංවතුර තත්වයක් ඇතිවීමට ප්‍රධානම හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ යපනයේ කානු පද්ධති වැසීම හේතුවෙන් එක් රැස් වූ ජලය මුහුදට ගලා බැසීමට කානු පද්ධතිය නොමැති නිසාවෙනි.

ඒ හැරෙන්නට යුද හමුදාව සම්බන්ධයෙන් තමන් වැරදි ප්‍රකාශයක් සිදු නොකළ බවටත් තමන් පිළිබඳ වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙසට උතුරු මහ ඇමති ඉල්ලීම් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.