යූ.එන්.පීයට නොදන්වා යූ.එන්. ගිය මන්ත්‍රීවරුන්ගේ තත්වය බරපතලයි……

un
නාලක කොලොන්නේ ජනාධිපතිවරයා සමග යූ.එන් යන්නට පිටත් වූ මොහොත

විධිමත්ව පක්ෂයේ අවසරයකින් තොරව ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගෙ සමුලුවට සම්බන්ධ වීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙක් සම්බන්ධව විශේෂ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජාතිකපක්ෂය කටයුතු කරන බව වාර්තා වේ.

විජේපාල හෙට්ටිආරච්චි, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ, මෙන්ම නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා සම්බන්ධව මෙසේ කටයුතු කිරීමට තීන්දු කර තිබේ.
පොලොන්නරුව ලක්ෂ උයන කර්මාන්ත පුරවරයේ පොලිතින් කර්මාන්ත ශාලාවක් හිමි ව්‍යාපාරිකයෙක් වූ නාලක කොලොන්නේ කටයුතු කරමින් සිටින්නේ අග්‍රාමාත්‍යවරයාට අනුව නොව ජනාධිපතිවරයා කියන ආකාරයට බව එක්සත් ජාතික පක්ෂයට නිරීක්ෂණය වී තිබුණේ කලකට පෙරදී බව කියැවේ.
විදේශ ඇමතිවරයා  එක්සත් ජාතීන්ගේ සංවිධාන සැසියට රට නියෝජනය කරමින් සහභාගී වෙද්දී නියෝජ්‍ය ඇමතිවරයාත් ඊට සහභාගී වීම අවශ්‍ය නැති බව පක්ෂයෙන් දන්වා තිබෙද්දී ඒ උපදෙස් නොතකා හැර විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා එම සැසියට සහභාගී වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සමුලුවට සහභාගී වූ හැට හත් දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික දූත පිරිස වෙනුවෙන් රුපියල් කෝටි පහළොවකට අධික ජනතා මුදලක් වැය කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.