යූ.එන්.පී මන්ත්‍රීවරු පිරිසක් මෛත්‍රී සමග ඩීල් එකක…

maithripala-sirisena-2එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන සමග විශේෂ  සංධානගතවීමක්   සදහා රහසිගතව සැරසෙමින් ඇති බවට වාර්තා වේ. මේ පිළිබද තොරතුරු වාර්තා වීම ආරම්භ වූයේ එකසත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 28 දෙනෙක් පක්ෂ නායකත්වයට නොදන්වා, සභානායකවරයා නිසි පරිදි දැනුවත් නොකර ජනාධිපතිවරයා සමග නිව්යෝක් සංචාරයට එක්වීමෙන් අනතුරුවය.

පාර්ලිමේන්තුවේ වැදගත් මූල්‍ය පනත් දෙකක් සම්මත කරගැනීමට තිබියදි නීත්‍යානුකූල අවසරයකින් තොරව විවිධ පුද්ගලික හේතූන් මත විදේශගත වී ඇති මේ මන්ත්‍රීවරුන්  අවසනායේදී  නිවුයෝක් නුවර එක්සත් ජාතීන්ගේ සමුලුවට සහභාගීවන ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම හා එකතු වී  ඇති ආකාරය එක්සත් ජාතික පක්ෂ ඉහළ පෙළ නායකත්වයට ගැටලු සහගත තත්වයක් ඇතිකර තිබේ.

මේ පිළිබදව නිදහසට කරුණු දක්වන ලෙස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ලඛිතව මෙම මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ. අග්‍රාමාත්‍යවරයා පසුගිය දා මෙම මන්ත්‍රීවරුන් එක්සත් ජාතීන්ගේ සැසියට සහභාගීවීමට හේතුව,ඔවුන් ඒ රාජ්‍ය තාන්ත්‍රික ගමනේදී  පැවරුණු වූ නිල කාර්ය භාර්යය විමසමින් කරුණු වාර්තා කරන ලෙස දන්වා තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.