රජයේ ගබඩාවල වී තුට්ටු දෙකට මෝල්ලූන්ට යයි…

Vee

( සුසන්ත අමරබන්දු)

දැනට පිරී ඇති වී ගබඩා හිස් කිරීම ස`දහා ආණ්ඩුව රුපියල් කෝටි ගණනක අතේ පාඩුවට පුද්ගලික අංශයට වී විකිණූ ආකාරය අම්පාරෙන්  වාර්තා වේ.

අම්පාරේ වී ගබඩා 47 ක් වර්ෂ 2014 සිට සහතික මිලට මිලදී ගත් වී කිලෝ කෝටි 5 ක වී ප‍්‍රමාණයකින් පිරී ඇති බවත් එම ගබඩා ක‍්‍රමවත්ව හිස් කර සහල් වෙළෙදපලට නිකුත් කිරීමට ක‍්‍රමවේදයක් නොතිබුණු නිසා අස්වැන්න නෙලාගෙන මාසයක් ගතවීමෙනුත් පසු ලහි ලහියේ කැබිනට් අනුමැතිය ලබාගෙන ටෙන්ඩර් කිරීමෙන් පසු මහානාගපුර, අක්කරපත්තුව, තම්බැට්ට, සාමගම ඇතුළු ගබඩා 7 ක වී  මෙසේ පුද්ගලික අංශයට අඩු මිලට විකුණා ඇති බවත් පැවසේ.

වී කිලෝවක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 38 සහතික මිලකට වුවද මේ වී පුද්ගලි අංශයට විකුණා ඇත්තේ රුපියල් 8 ක් පාඩු ලබමින් රුපියල් 30 ටය. මෙසේ වී විකුණා ඇත්තේ ගබඩාවලින් අඩක් බැගින් හිස් කිරීම සදහාය.

රටෙහි වී නිශ්පාදනයෙන් සියයට 20 සපුරණ අම්පාර දිස්ත‍්‍රික්කයේ මෙවර හෙක්ටයාර 70 000 කුඹුරු අස්වද්දා ඇති බවත් ඉන් වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 30 ක අස්වැන්නක් ලැබීමට නියමිත බව  කෘෂිකර්ම අමාත්‍යාංශයම ගණන් බලා තිබුණේ කන්නය මුලදීය. එහෙත් මේ අස්වැන්නෙන් අවම ප‍්‍රතිශතයක් හෝ මිලදී ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොතිබුණු බව අස්වැන්න නෙලාගෙන මාසයක් යනතුරුත් වී ගබඩා හිස් කිරීමට කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ යැයි වී අලෙවි මණ්ඩලයේ ආරංචි මාර්ගම පවසයි.

වී අලවි මණ්ඩලයේ නිලධාරීන්  පවසන්නේ තමන් කන්නයක් පාසා මුහුණ දෙන මෙම ගැටළුවට මුහුණ දීම සදහා ලබා දුන් ප‍්‍රායෝගික සැලසුම් වලට ඉහළ නිලධාරීන්ගෙන් කිසිදු ප‍්‍රතිචාර නොලැබුණු බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.