රටේම දෑස් තමන් වෙත දිනාගත් දෑස් නොපෙනෙන හපනා

සාරත ඇගැයීමට ලක් කළ අවස්ථාව
සාරත ඇගැයීමට ලක් කළ අවස්ථාව

ලෝකයේ මිහිර නුදුටු දරුවෙක් මෙවර රටේම ඇස් තමන් වෙත යොමු කරගත්තේය. ඒ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අතර වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් මහනුවර ඩී.එස් සේනානායක විද්‍යාලයේ සාරත පවිත් රාජපක්ෂ සිසුවාය. දෑස් නොපෙනෙන මේ දරු පැටියා බ්‍රේල් ක්‍රමයට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමින් ලකුණු 181 ලබා ගත්තේය.

සාරත පාසැල් ගමන ආරම්භ කර ඇත්තේ දෙවන වසරේ සිටය. මුලින්ම හොදින් දෑස් පෙනුණු සාරතගේ දෑස් අන්ධ වී තිබුණේ වයස අවුරුදු 4 දී පෙර පාසල් යමින් සිටියදී මොළයේ ඇතිවූ ගෙඩියක් ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමෙන් පසුය.

මෙම දරුවාගේ දක්ෂතාව අගයමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක   දරුවාව ඊයේ (05) පස්වරුවේ ආණ්ඩුකාර කාර්යාලයට කැදෙවුවාය.  අනතුරුව රුපියල්   10000.00 ක මුදල් ත්‍යාගයක් ලබා දුන්නාය.

තම එකම සහෝදරියද ආබාධිත තත්ත්වයෙන් පසුවන බව එහිදී සාරත පැවසුවේය.   තම අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකැර ගැනීමට මව පියා, පාසලේ ගුරුවරුන් මෙන්ම බිසෝ මැණිකේ මහත්මිය විශේෂ සහයක් ලබාදුන් බවද පැවසුවේය.

මෙම අවස්ථාවට නියෝජ්‍යය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.එම් ජයරත්න,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික අධ්‍යාපන) දීපා අබේසිංහ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විශේෂ අධ්‍යාපන හා උපදේශක) ඩී.එම් ජයවර්ධන,විදුහල්පති විශේෂ අධ්‍යාපන ආදර්ශ විදුහල අම්පිටිය, ආර්.රුවන් පතිරණ,මධ්‍යම පළාත් ආණ්ඩුකාර තිස්ස කරුණාරත්න,සහකාර ලේකම් ස්වර්ණා පෙරේරා යන අය සහභාගී වූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.