රතුපස්වලින් නාමල්ලාට පිරිසිදු පානීය ජලය….

 

Rathupaswala11ඔරුතොට හන්දියට නුදුරේදී රතුපස්වල මිනිස්සු පැමිණ නාමල් රාජපක්ෂ ඇතුළු පාද යාත්‍රිකයන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කළහ.

අපි බොන්න වතුර ඉල්ලුවට පස්සේ ඔවුන් අපේ මිනිස්සු වෙඩි තියලා මැරුව තමයි… ඒත් අපි ඔවුන්ට බොන්න පිරිසිදු වතුර අරගෙන ආවා… වැලිවේරිය ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.

වර්ෂ 2013 අගෝස්තු පළමුවෙනිදා රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාව මුලින්ම ප්‍රහාරයක් එල්ල කළේ ඔරුතොට හන්දියේදීය. අද දහවල් නුවර පාරේ ඔරුතොට හන්දිය අසලට පැමිණි තෙරිපැහැ සිරිධම්ම හිමි ඇතුළු හිමිවරුන් දෙනමක් හා රතුපස්වල ගම්වාසීහු හන්දිය අසල පානීය වතුර බෝතල් ගොඩගසමින් එසේ කියා සිටියහ.water-bottle

පෙළපාලියේ එන අය අවට බාර් සුද්ද කරගෙන පියවි සිහියෙන් තොරව එන බැවින් තමන් වහන්සේ වැඩිවෙලාවක් මෙතැන නොරදන බවත් ජල බෝතල් තබා පිටත්වන බවත් කීහ.

පසුව පොලිස් ජිප් රියක් පැමිණ එම ජල බෝතල් රැගෙන ගොස් තිබිණි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.