රන්ජන් රේගුවෙන් දඩ කයි

Ranjan Ramanayakeනිරන්තරයෙන් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට රේගුව්න් දඩ ගසා ඇත. කටුනායක ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පුවකින් රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගෙන රෙගුවට බදු නොගෙවා ප්‍රභූ පරයන්තයෙන් එලියට ගෙන ගොස ඇති අතර මෙම ගනුදෙනුව පසුව හෙළිදරව් වී තිබේ.

පසුගිය 28 වැනිදා ජපානයේ සිට පැමිණි ගුවන් යානයකින් ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තීරු බදු රහිත සාප්පුවකින් අගල් 40 නවීන වර්ගයේ රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගෙන තිබේ . එහි වටිනාකම ඩොලර් 990 කි. එහෙත් ඔහුට එම තීරු බදු සහනය හිමි නොවන අතර වසරකට වැඩි කාලයක් විදේශ ගතවසිට පැමිණෙන පුද්ගලයකුට ඩොලර් 1750තීරු බදු සහනයක් හිමිවේ. දින 90 ක් විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයකුට හිමි වන්නේද ඩොලර් 625 ක තීරු බදුසහනයකි.

ඒ අනුව සාමාන්‍ය මගියෙකුට හිමිවන ඩොලර් 187 ක තීරු බදු සහනය රන්ජන් රාමනායක මහතාටද හිමිවන අතර ඔහු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් අදාළ රූපවාහිනී යන්ත්‍රය මිලටගෙන හොර රහසේම ප්‍රභූ පරියන්තයෙන් එළියට ගෙන ගොස් තිබේ . තිරු බදු රහිත භාන්ඩ ප්‍රභූ පරියන්තයෙන් එළියට ගෙන යාම නීතිවිරෝධී ක්‍රියවකි.

කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමැතිවරයා රැගෙන ගොස් ඇති රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා එය ලබාදුන් වෙළඳ සලටම යළි රැගෙන ඒමට සිදුවූ නිසා රංජන් රාමනායක මහතා කල මෙම වංචාව හෙලි කර ගැනීමට රේගු නිලධාරීන්ට හැකි ව් තිබේ . ඒ අනුව රේගුවට හොර රහසේම රූපවාහිනී යන්ත්‍රය පිටමං කිරීම නිසා ඇමැතිවරයාට රුපියල් 60000 ක දඩ මුදලක්අදාළ අලෙව් සැලට රුපියල් 25000 ක දඩයක් ද ගෙවීමට රේගුව නියම කර තිබේ .

රූපවාහිනිය අබලන්
මේ අතර රන්ජන් රාමනායක මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ තමා ජපානයේ අධ්‍යාපන සංචාරයකට එක්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණිඅවස්ථාවේදී සිය ලේකම්වරුන්ට දුරකථන ඇමතුමක්දී “මොනවද ගේන්න ඕන” යනුවෙන් විමසූ බවත් එහිදී ඔවුන් රූපවාහිනිය අබලන්ව ඇති බව පැවසූ නිසා තීරුබදු රහිත සාප්පුවකින් රූපවාහිනියක් මිලදීගත් බවයි.

එම රූපවාහිනිය මිලදීගෙන නිවසට ගෙනඒමෙන් පසුව ගමන් විඩාව නිසා තමා ටිකක් නිදාගත් බව පැවසූ රාමනායක මහතා නිදා ගැනීමට පෙර රූපවාහිනී යන්ත්‍රය සවිකරගන්නා ලෙස ලේකම්වරුන්ට උපදෙස්දුන් බවද ඔහු කියා සිටියේය.

අළුත් රූපවාහිනිය
කෙසේවුවද, තමා අවදිවූ විට ලේකම්වරු කියා සිටියේ අදාළ රූපවාහිනී යන්ත්‍රය එම සාප්පුවේ ප්‍රදර්ශනයට තබා තිබූ රූපවාහිනී යන්ත්‍රයක් බවයි.

ඒ අනුව තමා එම සාප්පුවට දුරකථන ඇමතුමක් දී පරණ රූපවාහිනී යන්ත්‍ර ජනතාවට අලෙවි කරන්නේ ඇදැයි විමසූ විට සාප්පුහිමිකරු එය වැරදීමක් බවත්, අලුත් රෑපවාහිනී යන්ත්‍රයක් ලබාදීමට පරණ එක එවන ලෙස ඉල්ලා සිටි බවයි.

තමා ඒ අනුව ලේකම්වරුන්ට එය කටුනායක අදාළ සාප්පුවට ගෙනගොස් දෙනලෙස දැන්වූ බවත්, ඔවුන් එය මේවන විට ගෙනගොස් දී ඇතත් එයට මෙතෙක් නව රූපවාහිනියක් නොලැබුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තමාට කෝප් කමිටු වාර්තාවට අත්සන් තැබීමට යාමටද නොහැකිවූයේ මේ පටලැවිල්ල බව රන්ජන් වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුවේ ඇතැම් තෝරුන් සහ මෝරුන් කරන වැඩවලට සාපේක්ෂව මෙය සිල්ලර වැඩක් යැයි රේගු නිලධාරියෙක් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.