රනිල්ගේ චීන ගමනට පෙර ගමන්

ani wckඅගමැති රනිල් වික්රමසින්ග්හේ ළඟදී චීනය බලා යාමට අතර ඔහුගේ ගමන අඩු පාඩුවකින් තොරව සිදු කිරීමට පෙර ගමන් කරුවෙක් චීනයට පිටත් කොට ඇතැයි වාර්තා වේ.

මීට පෙර අගමැතිවරයා ජපානයට ගිය අවස්තාවේදී රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම සම්බන්ධයෙන් අඩු පාඩු රැසක් තිබු බවත් ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්යංශය දෝෂ දර්ශනයට ලක් උ බවත් වාර්තා විය.

ශ්‍රී ලංකාව චීන කරණයට ලක්ව තිබෙන බව එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කල වර්තමාන අගමැතිවරයා කියා සිටියත් දැනට රට මුහුණ දී තිබෙන ණය අර්බුධයෙන් ගොඩ ඒම සඳහා චීනයසරණ යෑම හැර අන් මගක් නැති බව විදේශ විත්ති විචාරකයන් පවසති.

දැනට චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ කටයුතු කරන්නේ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කුය.

චීනය සතුටු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බොහෝ දේ සිදු කිරීමට සිදුවන බව විචාරකයින් පෙන්වා දෙති.

දැනටත්  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ පාලමක් ගොඩ නැගීමට තමන්ගේ අදහසක් නැති බව වික්‍රමසිංහ අගමැතිවරයා පවසා ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක් වූ පොර්ට් සිටි ව්‍යාපෘතිය යලිත් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇති බවට ආණ්ඩුව පසුගිය දා නිවේදනය කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.