රවී, නවීන්, සජිත්, ඉන්දික අනූ නවයෙන් දිවි ගලවා ගනී…

Helicopterරවී කරුණානායක, නවීන් දිසානාය, සජිත් ප්‍රේමදාස හා ඉන්දික බණ්ඩාරනායක යන මීට ටික වේලාවකට පෙර අනූ නවයෙන් සිය ජීවිත බේරා ගත්හ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

රවී කරුණානායක, නවීන් දිසානාය, සජිත් ප්‍රේමදාස හා ඉන්දික බණ්ඩාරනායක අද දහවල් දයා ගමගේ ඇමතිවරයාට අයත් හෙළිකොප්ටරයකින් නුවරඑළිය බලා පිටත් වූහ. මේ ගමනේ අරමුණ වී තිබුණේ අඩු ආදායම් ලාභී නුවරඑළිය දිසත්‍රික් ජනතාවට නිවාස ණය ලබා දීමේ වැඩසටහනකට එක් වීමය.

හෙළිකොප්ටරය පියාසර නුවරඑළිය ආශ්‍රිත කදුකර ප්‍රදේශයට ලගා වනවිට පරිසරය දැඩි මීදුමකින් වෙලී යන්නට විය. නියමුවා යානය රැගෙන ගියේ දැඩි අසීරුවෙනි. මීදුමට වැසී ගිය පරිසරයේ එක් වරම අධි බලැති  විදුලි රැහැන් පද්ධතියක එක්වරම හෙළිකොප්ටරය වදින්නට ගියේය.

ගුවන් නියමුවා වහාම යානය පහළට ගෙන නුවරඑළිය කටුමාන ප්‍රදේශයේ ලීස් කොටුවකට නිරුපද්‍රිතව   ගොඩබැස්සවීය. යානය ගොඩබැස්සවීමට නියමිතව තිබුණේ නුවරඑළිය නගරසභා පිටියටය.

ටික වේලාවක් යානයෙන් බැස එළවලුකොටුවේ සිටි ඇමතිවරුන් පසුව පැමිණි වාහන වලින් අදාල උත්සව ස්ථානයට රැගෙන ගොස් තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.