රාජිත සේනක බිබිලේගේ ජන්ම දිනයත් කෙලෙසයි…

rajitha-22මහාචාර්ය සේනක බිබිලේගේ උපන්දිනය දා (23) හඩබෙර ගසා එළිදැක්වූ ඖෂධ මිල සූත්‍රය විද්‍යාත්මක පදනමක් රහිත දේශපාලන මගඩියක් බවත් සෞඛ්‍ය ඇමතිවරයා සේනක බිබිලේගේ උපන් දිනයත් ස්වකීය පහත් දේශපාලන අරමුණු සදහා අවභාවිත කර ඇති බවත් වාර්තා වේ.

නිශ්ඡිත විනිවිද භාවයකින් තොරව අයි.එන්.ඩී නමින් වූ පුද්ගලික සමාගමක දත්ත ගොනුවකින්  ලබාගත් දත්ත මත පිහිටා ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපති මහාචාර්ය අසිත ද සිල්වා විසින් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න වෙත ලබා දී ඇති මේ මිල සූත්‍රයේ මූලික අභිප්‍රාය ලබන අගහරුවාදා (27)  පේෂන්ස් රයිට් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණේ  වෛද්‍ය සංගමය විසින් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට ගොනු කර ඇති නඩුවේ මුල් විභාග දිනයේ ට අදාල නඩු කටයුත්තට සූදානම් වීම බව පැවසේ.

ඖෂධ නියාමන අධිකාරිය ආරම්භ කර මාස 2 කාලයකදී ඖෂධ මිල පාලනය පිළිබද විද්වත් කමිටුවක් පිහිටවන ලද අතර ඔවුන් පාරිභෝගික සේවා අධිකාරිය, රේගුව, රෝගීන්ගෙ අයිතිවාසිකම් පිළිබද සංගමය, ඖෂධ ගෙන්වන සමාගම්  ඇතුළු විවිධ ආයතන හා සම්බන්ධ වෙමින් මිල සූත්‍රයක් සැකසීමේ සංකීර්ණ විද්‍යාත්මක කටයුත්තක නිරත විය. මිල  පාලනයක් කිරිම සදහා ඔෟෂධ නියාමන අධිකාරී පනතින් අධිකාරියට බලය ලබා දුන්නද  අවසන් නීති සැකසීම සදහා එම කෙටුම්පත ගැසට් කළ යුතු විය. මෙම කෙටුම්පත එවකට සිටි ඖෂධ නියාමන අධිකාරියේ විද්වතුන් රාජිත සේනාරත්න වෙත ලබා දුන්නේ පසුගිය වසරේ අග භාගයේය. නීති කෙටුමපත් අංශයට මෙම කෙටුම්පත යා යුතුවූයේ ඇමතිවරයාගේ අත්සනිනි.  එහෙත් රාජිත සේනාරත්න  සෞඛ්‍ය ඇමතිවරයාට ඖෂධ සදහා නිශ්ඡිත මිල පාලනයක් සහිත නීතිමාලාවක් රැගෙන එනවාට වඩා  මේ කෙටුම්පතට අත්සන් නොකර මිල සූත්‍රයක් සදා ගන්නට අවශ්‍ය විය.

අවසානයේදී මාස 6 ක් තිස්සේ හිරකරගෙන සිටි කෙටුම්පත පසුගිය මැයි මස අත්සන් කෙරිනි. එසේ වුවත් තවමත් ගැසට් පත්‍රය නිකුත් කර නැත.  මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය පලවා හැර රාජිත සේනාරත්න විසින් පත්කරගත් ඖෂධ නියාමන අධිකාරියෙ සභාපතිවරයා වූ මහාචාර්ය අසිත ද සිල්වා සභාපති වූ පසු මිල සූත්‍රයක් හදා ගැනීම සදහා  මිල කමිටුව එක් වී එකම රැස්වීමක්වත් පවත්වා නැත. පසුගිය සතියේ ඇමතිවරයා විසින් හදිසියේ මිල කමිටුව කැදවා තිබුණේ අසිත ද සිල්වා විසින් සකස් කළ මිල සූත්‍රය ගැන කියන්නටය. කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධ වේදය පිළිබද දෙපාර්තමේන්තුව මගින් බහුලව භාවත කරන ඖෂධ පිළිබදව දීප ව්‍යාප්තව කළ යම් සාධනීය පරීක්ෂණ ප්‍රමාණයක් තිබෙද්දී පුද්ගලික ආයතනයක දත්ත ගොනු මිලදී ගෙන සකස් කළ මේ මිල සූත්‍රයේ විනිවිද භාවයක් හා විශ්වාසනීය භාවයක් නැතැයි විද්වත්හු පවසති.

දැනට බහුජාතික ඖෂධ සමාගම් සම්බන්ධකරමින්  ලංකාවේ විශාලතම සහ එකම සායනික පරීක්ෂණ ආයතනය වන remediumone නැමැති ආයතනයේ හිමිකරු වූ  මහාචාර්ය අසිත ද සිල්වා  රාජිත සේනාරත්න විසින් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කරන ලද ආකාරය නීත්‍යානුකූළ නොවන බව දක්වමින් පේෂන්ස් රයිට් නැමැති සංවිධානයක් හා ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය සංගමය විසින් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ලබන අගහරුවාදා ව( 27 ) විභාගයට ගැනීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.