චෝදනා ඇති අයට නාම යෝජනා දෙන්නේ නෑ

mahi amareපළාත් පාලන ආයතනවල දූෂණ චෝදනා එල්ල වී ඇති කිසිදු නගරාධිපතිවරයකුට හෝ සභාපතිවරයකුට මෙවර මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදෙන බවට එජනිස මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

එමෙන්ම දූෂණ චෝදනාවන්ට ලක්‌වූ හිටපු පළාත් පාලන නියෝජිතයන්ටද මෙවර නාමයෝජනා ලබා නොදෙන බව අමරවීර මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පැවැති මැතිවරණ දෙකෙන්ම ශ්‍රීලපනිපය ප්‍රමුඛ එජනිස පරාජය වීමට හේතු වූ කරුණු අතර ප්‍රධානම කරුණ වූයේ ඇතැම් එජනිස පළාත් පාලන සභාපතිවරුන්ගේ ක්‍රියාකලාපය නිසා බව ද කී මහින්ද අමරවීර මහතා ඇතැමුන්ට ස්‌ත්‍රී දූෂණ, මුදල් වංචා කිරීම, බලය අයුතු ලෙස භාවිත කිරීම වැනි විවිධ චෝදනා එල්ල වී ඇති බව ද පවසීය.

මොවුන් සම්බන්ධව එවක ආණ්‌ඩුව කිසිදු පියවරක්‌ නොගැනීම නිසා තරුණ පිරිස තුළ කලකිරීමක්‌ ඇති වූ බවත් එනිසා එජනිසයට ඡන්දය දීමෙන් වැළකී සිටි බව පැවසු මහලේකම්වරයා එම හේතුව නිසා පසුගිය මැතිවරණ දෙකෙන්ම පක්‍ෂය පරාජය වූ බව ද පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.