ලසන්ත ඝාතනය ප්‍රශ්න කරන්න පොලිස් ලොක්කන් රැසක් ඇතුළට

Lasanthaලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව ප්‍රශ්න කිරීමට නොබෝ දිනකින් හිටපු පොලිස් ලොක්කන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග හෙළි කරයි.

ඝාතන සිද්ධිය සම්බන්ධව සිදුකරන පරීක්ෂණ යට ගැසීම, සාක්ෂි විනාශ කරීම,ඇතුළු ඡෝදනා කිිහිපයක් සම්බන්ධයෙන් ‍ මෙම නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනෙන බව පැවසේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද මෙසේ අත්අංගුවට පත්වනු අැති බවට තොරතුරු ලැබේ. වරුන් ද වන බව එම ආරංචිමාර්ග  කියයි.

කෙරීගෙන යන විමර්ශනවලට අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ තැන තිබී හමුවු ඔහුගේ දිනපොත මෙම පරීක්ෂණ සඳහා ඉතා වැදගත් සාධක සපයන බවත් මේ වනවිට එය අතුරුදන්ව ඇති බවත් හෙළි වී තිබේ. තමන්ට තර්ජනය කළ පුද්ගලයන්, ඔවුන්ගේ දුරකථන අංක, වාහන අංක ඇතුළු තොරතුරු සහිත එම දිනපොත පොලිසිය විසින් ලබාගෙන එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාපක්ෂ වෙත ලබා දී ඇතැයි රහස් පොලිසිය සඳහන් කරයි. එම දිනපොත මේ වනවිට සොයාගත නොහැකිව තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.