ලසිත් මාලිංග ආසියානු කුසලානයට ?

ආබාධිත තත්වයක් හේතුවෙන් ඉන්දීය තරග සදහා එක් නොවූ ශ්‍රී ලංකා 20 විස්ස නායක ලසිත් මාලිංග මෙම මස 20 වෙනිදා ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් පසු වුව ද ඔහුගේ ආබාධිත තත්වය 100%ක් සුවනොවීම හේතුවෙන් එම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉතාමත් සීමිත බව පැවසේ.

කෙසේ වුව ද ලෝක කුසලාන සංචිතය තේරීම සදහා කණ්ඩායමේ නිල නොවන නායකයා ලෙස මාලිංග බංග්ලාදේශයේ ආසියාන් කුසලාන තරගාවලියට සහභාගි වීමට නියමිතව ඇත.

එමෙන්ම ආසියානු කුසලාන සංචිතය ප්‍රකාශ කිරීම දනෙන් දින කල් යාමට හේතුව වී ඇත්තේ ඉකුත් ඉන්දීය තරග සංචාරයේ නවකයන් දක්ෂතා අතරට නෙපැමිණීමයි.සංචිතය නම් නොකළ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ මෙමමස 20 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යන බවයි.

එමෙන්ම ඉන්දීය සංචාරයට තේරීම් කමිටු සාමාජිකයෙකු සහභාගි නොවූ බැවින් ඔවුන් උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටය.කණ්ඩියම මෙහෙය වූ දිනේෂ් චන්දිමාල්ට පළමු පන්දු වාර 6 පහර දීමට නොයන ලෙසත් ආරම්භක පිතිකරු T.M. ඩිල්ෂාන් අවසාන තරගයේ දී විවේක ගන්වන ලෙස හා දග පන්දු යවන වැන්ඩර්සිව අවසන් තරගයේ දී ක්‍රීඩා කරවන ලෙසත් උපදෙස් දී ඇති අතර එම උපදෙස් වලට පිටින් ක්‍රීඩකයින් කටයුතු කර ඇත.එම උපදෙස් වලට පිටින් කටයතු කර ඇත්තේ කුමන ක්‍රීඩකයාගේ උවමනාවට ද යන්න මේ දිනවල සොයා බලන අතර එම තත්වය නිසා ආසියානු කුසලාන සංචිතය තේරීම ප්‍රමාද වීමට හේතුවක් වී ඇති බව ද පැවසේ.

sl c

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.