ලිංගික සංසර්ගය නිසා සීකා ආසාදනය වූ 14ක්

ලිංගික සංසර්ගය නිසා සීකා වෛරසය ආසාදනය වූ 14ක් ඇමරිකාවෙන් වාර්තා වේ.

ඇමරිකානු වසංගත රෝග ඒකකය පවසන්නේ වාර්තා වූ රෝගීන් වැඩි පිරිසක් ගර්භනී කාන්තාවන් බවයි.

බ්‍රසීලය, කොලොම්බියාව ඇතුළු ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල සීකා වෛරසය පැතිර ඇති අතර වෛරසය ආසාදනය වූ බ්‍රසීල මව්වරුන්ට පමණක් හිස කුඩා දරුවන් 4000නට වඩා උපත ලබා ඇත.

සීකා වෛරසය නිසා ඇතිවන මෙම රෝග තත්වය ගෝලීය සෞඛ්‍ය අවධානමක් ලෙස සෞඛ්‍ය සංවිධානය පසුගිය පෙබරවාරි 01 වන දින ප්‍රකාශයට පත් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.