වරද පිළිගන්න ලෑස්ති සරණ කුමක් කියාවිද?

sarana-gunawardena2005 – 2007 කාලයේදී වත්කම් බැරකම් හෙළි නොකළැයි අල්ලස් කොමිසම ගොනු කැර තිබු  නඩු දෙකක් සම්බන්ධයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු  සභාපති හා හිටපු නියෝජ්‍ය ඇමති සරණගුප්ත ගුණවර්ධන මහතා අද අධිකරණයේ පෙනී සිටියේය. එම චෝදනා වලට  වරද පිළිගැනීමට  තමා සුදානම් බව අධිකරණයේ ප්‍රකාශ කිරිමෙන් පසු  රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (26) නියෝග කළේය. චෝදනා කියැවීමට  නඩුව ජනවාරි 5 වැනි දා  යළි කැඳවීමට  නියමිතය.

රාජපක්ෂ පරිපාලනයේ ප්‍රබලයෙක් වන සරණ ගුණවර්ධන වරද පිළිගැනීමත් සමඟ කුමන තොරතුරු හෙළිදරව් වේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් ගේ අවධානයට ලක්වී ඇත. ඔහු බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සමඟ සමීප සම්බන්ධයක් පවත්වා ගෙනගිය බව ප්‍රකටය.

ඊළඟ ආත්මයේදී මහින්ද රාජපක්‍ෂ මහතා යළි ඉපදෙද්දී තමන් ඉන්නේ ඔහු සමග බව මීට කලකට ඉහතදී කියා සිටියේය. සරණ ගුණවර්ධන මහතා මහරsarana-basil බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ රදවාගෙන සිටීයදී  ඔහු බැලිමට මහර බන්ධනාගාරයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අමතක කලේ නැත. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු අඛන්ඩව වසර දෙකක් වත්කම් බැරකම් හෙළිකර තිබුණේ නැත.

ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වූ  මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඉන්ධන පිරවුම්හල් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ ලක්ෂ 80 කට ආසන්න සන්තෝසමක් ලබාගන්නා පුවතක්  වාර්තා වී තිබුන අතර රුපියල් ලක්‍ෂ 250 ක කප්පම් මුදලක්‌ ඉල්ලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුද තර්ජනය කර තිබු බවත් වාර්තා විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.