වසර 1400ක් පැරණි හක් ගෙඩියක් රජගලින් හමුවේ


 

පද්මපීඨයක් යට තැන්පත් කළ ගඩොල් මංජුසාවක සංඛය හමුවූ අයුරු
පද්මපීඨයක් යට තැන්පත් කළ ගඩොල් මංජුසාවක සංඛය හමුවූ අයුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රි ජයවර්ධණපුර විශ්වවිද්‍යාලය මගින් ඒකාබද්ධව සිදු කරන ව්‍යාපෘතියක්වන අම්පාර රජගල පුරා විද්‍යා ව්‍යාපෘතියේ සිදු කරන ලද කැණිමකදී වසර 1400ක් පමණ පැරණී හක්ගෙඩියක් හෙවත් සංඛයක් සොයා ගෙන තිබේ. මෙම හක්ගෙඩිය හමුවී ඇත්තේ පසුගිය 8 දාය.
මේ සොයාගැනීම පිළිබදව අදහස් දැක්වු රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතියේ කැණීම් උපදේශක කරුණාසේන හෙට්ටිආරච්චි මෙසේ අදහස් දකවා සිටියේය.
රජගල පුරා විද්‍යා භුමියේ ඉහළ කොටසට වන්නට සිදුකළ කැණීමේදි අපිට පිලිමගෙවල් සංකිර්ණයක් හමුවුවා. ඒහි ප‍්‍රධාන පිළිමගෙයට නිධන් හොරුන් විසින් දැඩිසේ හානිකර තිබුණා. නමුුත් එහි ප‍්‍රතිමාව නිර්මාණය කරන ලද නෙ“ඵම් මලින් කැටයම් කරන ලද ගල්පුවරු හානියට ලක්වෙලා තිබුණේ නෑ. එම පුවරුව නිරාවරණය කරගැනිමට අපේ පර්යේක්ෂකයන්ට හැකිවුනා. එම ගල් පුවරුව යට ගඩොලින් කරන ලද මංජුසාවක් සොයා ගත්තා. එම මංජුසව තුළ තිබී තමයි මේ වසර 1400ක් පැරණි යැයි අනුමාන කරන ක‍්‍රි.ව. 06 වන සහ 08 වන සියවස අතර කාලයට අයත් යැයි සිතිය හැකි හක්ගෙඩියක් හෙවත් සංඛයක් සොයා ගැනිමට හැකිවුනේ. මෙයින් නිධන් හොරුන්ට ඉතා වැදගත් පණිවිඩයක් දීමට හැකි වෙනවා. මෙවැනි ස්ථානවල වටිනා වස්තූන් තිබෙන බව සිතා නිධන් හොරුන් හානි කරනවා. නමුත් මෙමගින් අනාවරණය වෙනවා අෂ්ඨ මංගල සළකුණු වශයෙන් ගන්නා හක්ගෙඩියක් හෙවත් සංඛ වැනිදේවල් තමයි මෙම ස්ථාන වල තැන්පත් කර තිබෙන්නේ කියලා.Hak 1-1
ඊට අමතරව මෙම රජගල භුමියේදි පසුගිිය දිනවල කරන ලද කැනිම් වලින් ශිලා ලිපියක කොටසක් සොයා ගැනිමට හැකි වුනා. එහි අභා සලමෙවන් තුන් වැන්න කියලා සදහන් වෙනවා. රජ කෙනෙකු කළ පරිත්‍යාගයක් එහි සදහන්ව තිබෙනවා. ඉදිරියේදි එම ශිලා ලිපියේ ඉතිරි කොටස කැණිම් වලදි සොයා ගැනිමට හැකි වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපට ඉතිිරි තොරතුරුද අනාවරණය කර ගැනීමට හැකි වෙනු ඇතැයි කරුණාසේන හෙට්ටිආරචි ප‍්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, මහචාර්ය පි.බී.මණ්ඩාවල, මහචාර්ය පද්මසිරි කන්නංගර, ආචාර්ය ඇලෙක්සන්ඩර් කපුකොටුව සහ රජගල පුරා විද්‍යා වැඩබිමභාර ව්‍යාපෘති කළමණාකරු ආර්.එම්.පි. රත්නායක ඇතු`ඵ නිළධාරීන් සහ බක්කිඇල්ල පොලිසියේ නිළධාරීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.