වස එන්නත් කළ කතාව සාපරාධී බොරුවක්…. හැකිනම් ඔප්පු කරන්න…

JANAKA Rපුනරුත්තාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට පළ වන වාර්තා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන    පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක මේ සාපරාධී කතාව හැකිනම් ඔප්පු කරන ලෙස එම චෝදනා එල්ල කරන පාර්ශවයන්වෙත අභියෝග කරයි.

ඔහුට අනුව උතුරු පලාත් සභාවේ  ගෝත්‍රික දේශපාලන අවශ්‍යතා නිසා අගතියට පත් වන්නේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සමාජිකයන්ය.

රජයේ වැඩපිළිවෙළ යටතේ පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සංඛ්‍යාව දොළොස්දහසකට අධිකය. උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සංධානය හැසිරෙන මේ වර්ගවාදී රටාවත් සමග මුලු රටත්, රටේ සංහිදියාව වෙනුවෙන් ගත් ප්‍රශස්ථ ක්‍රියා මාර්ගත්, ජාත්‍යාන්තරය හමුවේත් රට තුළත් ගර්හාවට ලක්වන බව රජයේ ප්‍රකාශකයෙක් ලංකා නිවුස්ලයින් වෙත පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.