වැදි රැහේ ළමා අපාචාරයක්… සාක්ෂි දෙන්න වන්නිලා ඇත්තො නුවර ඇවිත්…

Vannilaeththoවන්නිලා ඇත්තන්ට කටඋත්තරයක් දීම සදහා නුවර පොලිසියට එන්නට සිදුවිය. උන්දෑට කටඋත්තර දෙන්නට සිදුවුනේ තමන්ගේත් දැනුම්වත් වීමක්  සහිතව සිදුවුණු වැදි රැහේ නින්දිත අපරාධයක් ගැනය. ඒ වැදි රැහේ ලාබාල පිරිමි දරුවෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක්වීමක් ගැනය. මේ පිරිමි දරුවා ලිංගික අපයෝජනය කර තිබුණේ වැදි රැහේම පුද්ගලයන් දෙදෙනෙක් විසින්ය.

මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශට වාර්තාවන ආකාරයට ඒ කතාව මෙසේය.

මෙසේ බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තිබුණේ අවුරුදු 14 මාස 10 වයසැති පිරිමි දරුවෙකි. මේ පිරිමි දරුවා පවුලේ අම්මා තාත්තා හා සහෝදර සහෝදරියන් සමග ජීවත්වෙමින් සිටියේය. දරුවා අපයෝජනයට ලක් කර ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පුරා වසර එක හමාරක් තිස්සේ මේ දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර තිබිණි. මේ සිද්ධිය හෙළිදරව් වන්නේ නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් ලත්  තොරතුරක් ඔස්සේ මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ මෙහෙයවීමෙන් අනතුරුවය.

මේ වනවිට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.