විග්නේෂ්වරන්ට එරෙහිව බොදු බලය වීදි බසී

vigneswaram bodubalaඋතුරු පළාත් සභාව විසුරුවා හැර එහි බලය ආණ්ඩුකාරවරයා වෙත පවරා දෙන ලෙසත්, ප්රධාන අමාත්ය සී. වී. විග්නේස්වරන් කළ ජාතිවාදී ප්රකාශ වලට එරෙහිව ඔහුට නීතිය ක්රියාත්මක කරණ ලෙසත් ඉල්ලමින් 30 දා වවුනියාවේ වැසියෝ පෙලපාලි ගියහ. වන්නියේ ක්රියාත්මක උතුර රකින රට සුරකින ව්යාපාරය විසින් දියත් කළ මෙම විරෝධතාවයට බොදුබල සේනා සංවිධානය,රාවණා බලය,සිහල රාවය,ඇතුළු දකුණේ සංවිධාන කීපයක්ම සහයෝගය දක්වා තිබුණි.

මෙහිදී බොදුබල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ කියා සිටියේ කුරාණයට අපහස කළ බවට නඩු පැවරීමට ජනාධිපතිවරයා කටයුතු කරණ මෙවැනි කාලවකවානුවක උතුරේ මහඇමතිවරයා රාජ්ය ආගම වූ බුදුදහමට එරෙහිවත්,මහජාතිය වන සිංහල ජාතියටත් එරෙහිව ගෙන යන ජාතිවාදී ප්රකාශ සම්බන්ධයෙන්ද නීතිය ක්රියාත්මක විය යුතු බවයි.

මෙම විරෝධතාවය දැක්වීම නිසා දෙමළ ජනතාව තුළ වෛරයක් ඇති වීමට කිසිදු හේතුවක් නැත්තේ ප්රධාන අමාත්යවරයාගේ ප්රකාශයන් නිසා දෙමළ ජනතාවට කිසිදු ප්රශ්නයක් ඇති වී නොමැති නිසා යැයිද ඥාණසාර හිමියෝ පැවසූහ.

සිංහල වැසියන් විශාල පිරිසක් ප්රධාන් අමාත්යවරයාගේ ප්රකාශයට එරෙහිව නගරය හරහා පෙලපාලි යන අවස්ථාවේදී දෙමළ වැසියන් හා මුස්ලිම් වැසියන් ඊට කිසිදු විරෝධතාවයක් නොදැක්වූයේ ඔවුන් සංහිදියාව පිළිබදව ඉතා හොද අවබෝධයක් ඇති නිසා බවද ඥාණසාර හිමියෝ පැහැදිලි කළහ.
සිංහල පරිසරයක හැදුණු වැඩුණු,සිංහල පළාත්වල සේවය කළ විග්නේස්වරන් ප්රධාන අමාත්යවරයා උතුරේ ප්රධාන අමාත්යවරයා වීමත් සමගම දකුණේ ජනතාව අපේක්ෂා කළේ මනා සංහිදියාවකින් යුතුව උතුරු නැගෙනහිර පළාතම පාලනය කරණු ඇතැයි යන්න වුවත් දැන් ඔහු ඒ වෙණුවට ජාතිවාදයේ විෂ වපුරුවමින් සිටින බවද උන්වහන්සේ පැවසූහ.

මේ කරුණු ගැන ජනාධිපතිවරයාත්,අගමැතිවරයාත් කරුණු තේරුම් ගෙන උතුරු පළාත් ප්රධාන අමාත්යවරයාට පමණක් මේ රටේ වෙනම නීතියක් නැති බව පැහැදිලි වන අන්දමට කටයුතු කළ යුතු බවද ඥාණසාර හිමියෝ පැවසූහ.

මේ අවස්ථාවේදී අදහස් ප්රකාශ කළ රාවණා බලකායේ මහලේකම් ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ විග්නේස්වරන් ප්රධාන අමාත්යවරයා කළ ජාතිවාදය ඇවිස්සෙන අන්දමේ ප්රකාශයන්ට විපක්ෂනායක ආර්.සම්බන්ධන් මන්ත්රීවරයා සම්බන්ධ නැති බවට රජයේ පිරිස කරණ ප්රකාශයන් පිළිගත නොහැකි බවයි.

ඊට හේතුව උතුරේ ප්රධාන අමාත්යවරයා දේශපාලනයට පිවිසියේ දෙමළ ජාතික සංධානයෙන් වීම යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ. විරෝධතාවයේ නිරත පිරිස වවුනියාව නගරය පුරා පෙලපාලියකින් ගමන් කොට ජනාධිපතිවරයාට තම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ජනාධිපතිවරයාට බාර දීම පිණිස වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර අතට පත් කළේය.

එම ලිපිය බාර ගත් වවුනියාව දිසාපතිවරයා මාධ්යවේදීන්ට කියා සිටියේ අදාල ලිපිය එසැණින්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාරදෙන බවයි. උතුරු පළාත තුළ සිංහල,දෙමළ හා මුස්ලිම් වැසියන් සහෝදරයන් ලෙස අනාදිමත් කාලයක සිට ජීවත් වන බව කී දිසාපතිවරයා දේශපාලන වාසි උදෙසා ඇතමුන් කියනු ලබන ප්රකාශ ඒ අනදමින්ම පිළි නොගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.