විග්නේෂ්වරන් වෙස්මුහුණ ගලවයි…

elu-thamilදිනසේන රතුගමගේ

එළුහ තමිල්හෙවත් දෙමළ ජනතාවනි නැගිටිවු යනුවෙන්  යාපනයේ සංවිධානය කොට තිබූ දැවැන්ත විරෝධතාවය විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් අවසන් විණි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් විසින් නායකත්වය දරණ දෙමළ ජනතා සභාව මගින්  මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

විරෝධතාවය අතරතුර
විරෝධතාවය අතරතුර

උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබගැනීමඋතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට එම පළාතට පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගැනීම හා දෙමළ සංස්කෘතියට බලපෑම් එල්ල කෙරෙණ අන්දමට උතුරු පළාත තුළ බලහත්කාරයෙන් ඉදිකෙරෙන බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම  නවතාලීම යන මූලික ඉල්ලීම් තුන වෙනුවෙන් මෙම විරෝධතාවය දියත් කොට තිබුණි.

විරෝධතාවය පැවති අයුරු
විරෝධතාවය පැවති අයුරු

ඊට අමතරව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,අතුරුදන්වූවන් සොයාදීම,දෙමළ ජනතාවට අයත් ඉඩම් නිදහස් කිරීම යන ඉල්ලීම්ද යාපනයේ පැවති විරෝධතාවයේදී ඉස්මතු විය.

යාපනයේ නල්ලූර් කෝවිලවිශ්ව විද්යාලය හා දිසාපති කාර්යාලය යන ස්ථාන තුනෙන් පෙළපාලි කරුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ නමුත් අඩු ජනතා සහභාගිත්වයක් නිසා යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතව තිබූ පෙලපාලිය අවලංගු කිරීමට සංවිධායකයෝ කටයුතු කළහ.

විරෝධතාවය නිසා කඩ සාප්පු වසා දමා තිබූ අයුරු....
විරෝධතාවය නිසා කඩ සාප්පු වසා දමා තිබූ අයුරු….

පෙලපාලිකරුවෝ සටන් පාඨ කියමින් යාපනයේ මුත්තුවේලි ක්රීඩාංගණයට පැමිණීමෙන් පසුව දෙමළ ජනතා සභාව සිය රැස්වීම ආරම්භ කළේය.

එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම පිණිස ඉතාම සාධාරණව කරගෙන යන මෙම විරෝධතාවය දකුණේ සිංහල ජනතාව හා බෞද්ධ ජනතාව වරදවා වටහා නොගතයුතු බවයි.

කාලාන්තරයක් මුළුල්ලේ පවතින දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙණුවෙන් දෙමළ ජනතාව හඩනැගීම සිංහල විරෝධී බවක් නොවන වග කී විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යයවරයා මෙම විරෝධතාවය තුළින් අපේක්ෂා කරන්නේ රටතුළ භීෂණයක් මවාපෙන්වා දෙමළ ජනතාවගේ අරමුණු මුදුන් පත් කරගැනීමට උත්සහ කිරීමක් නොවන බවද සදහන් කළේය.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් මොනවාදැයි යන්න ඉතා පැහැදිලිව හා සාධාරණව රජයන්ට දෙමළ නායකයින් විසින් පෙන්වා දී ඇති නමුත් රජයන් තුළින් සාධාරණයක් ඉටු නොවන තැන මෙවැනි විරෝධතා පැවැත්වීමට සිදුවන බව ප්රධාන අමාත්යවරයා කියා සිටියේය.

යාපනනයේ පැවති මෙම විරෝධතාවය පැවැත්වීම හේතුවෙන් යාපනය නගරයේ සියළුම වෙළදසැල් වසාදමා තිබුණු අතර මුළු නගරය පුරාම විරෝධතාවයෙන් පසුව හා උදෑසන දැකගැනීමට ලැබුණේ දැඩි පාළු ස්වභාවයකි.

ගමනාගමන කටයුතු බෙහෙවින් අඩාල වී තිබුණු අතර ඉදහිට හෝ ධාවනය වූයේ ලංගම බස් රථ පමණකි.

සෙනසුරාදා දිනවල විවෘත කිරීමට නියමිත රජයේ කාර්යාල විවෘතව පැවති නමුත් ඒවාට නිලධාරීන් පැමිණ සිටියේ ස්වල්ප පිරිසකි.

යාපනය නගරයට ඇතුළුවන ස්ථානවල ආරක්ෂාව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා දැඩිකොට තිබුණු අයුරු දැකගන්නට ලැබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.